මෛත්‍රී යලිත් ජනාධිපතිවරණයට? අද සිදුකළ ප්‍රකාශය
Corona virus
Covid 19
mayithreepala sirisena
By Sithumi
සමකාලින සියලු බලවේග සමග එක්වී රට දිනවීම සඳහා සූදානමින් සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සර සැමරුමට අද (02) සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
"LTTE ත්‍රස්තවාදයෙන් අත්මිදී වසර 10කට ඇවෑමෙන්, ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීගේ බිහිසුණු සිදුවීමක් සිදුවුණා.
එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ද එම ප්‍රහාරයෙන් පසු උද්ගතවූ දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳින්ම දැනුවත්. අභියෝග, මඩගැසීම්, නින්දා, අපහාස, තාවකාලික පසුබෑම් ආදිය ඕනම පක්ෂයකට ඒවා පොදු කරුණු. සියලු බලවේග සමග දැය දිනවන්න සූදානමින් සිටින්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා."