ලෝකෙම කතා කරන, අසීරුම මොහොතක පිටියට ආ මැක්ස්වෙල්ගේ සුපිරි ඉනිම - ක්‍රිකට් ඉතිහාසයම අලුත් වෙයි.. ඇෆ්ගනිස්තානුවන් පුදුම කරමින් ඊයේ මැච් එකට සිදුවුණ දේ මෙන්න. (PHOTOS)
ඊයේ (07) 2023 එක්දින ලෝක කුසලානයේ 39 වැනි තරගය ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්විණ.
එහිදී ජය හිමි කරගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 තුළ කදුලු 05ක් දැවී ලකුණු 291ක් ලබා ගත්තේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 46.5 තුළ කඩුලු 7 දැවී තරගය ජය ගනු ලැබීය.
එහිදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Glenn Maxwell පන්දු 128ක් තුළ ලකුණු 201 රැස් කරගත් අතර ඔහුගේ ද්විත ශතකය 6 පහරවල් 10කින් සහ හතරේ පහරවල් 21කින් සමන් විය.
මෙය ඔහුගේ පළමු ද්විත ශතකය වීම විශේෂත්වයක් වේ.
ඔස්ට්‍රේලියා කණ්ඩායම අසීරු අවස්ථාවක රැදී සිටින මොහොතක Glenn Maxwell පිටියට පිවිසෙන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 91ක් ලබා කඩුලු 7 දැවී ගිය මොහාතේ ය.
කෙසේ වෙතත්, Glenn Maxwell ගේ මෙම ඉනිම වාර්තා පොත් අතරට එක් වන්නේ ක්‍රිකට් ඉතිහාසයේ හොඳම හඹා යෑම ලෙසයි.




