ලේකම්වරියට පහර දුන් මතුගම ප්‍රා.ස සභාපති පොලීසියට භාරවෙයි

Report

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ පොලීසියට භාර වී තිබේ.

සභාපතිවරයා මතුගම සහකාර පොලිස් අධිකාරීවරයා හමුවට මෙලෙස භාර බව සඳහන්.

සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදී තිබුණි.

පාසල් ළමයින්ගේ විෂය නිර්දේශයට සමලිංගික වෙබ් අඩවියක් දැම්මට අධ්‍යාපන ලේකම් CID යයි

පාසල් ළමයින්ගේ විෂය නිර්දේශයට සමලිංගික වෙබ් අඩවියක් දැම්මට අධ්‍යාපන ලේකම් CID යයි

ප්‍රහාරයෙන් තුවාල ලැබූ ලේකම්වරිය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මතුගම වෑත්තෑව රෝහලට ඇතුළ කෙරුණි. ඊයේ (30) උදෑසන ප්‍රාදේශීය සභාවේ ගොඩනැගිල්ලේ ලේකම්තුමිය රැඳී සිටින කාර්යාලයට පැමිණ සභාපතිවරයා ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘතියක් සම්බන්ධව ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එහිදී සිදුවූ බහින්බස් වීමෙන් අනතුරුව සභාපතිවරයා විසින් ලේකම්වරියට පහරදී ඇතැයිද වාර්තාවේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලේකම්වරිය විසින් මතුගම පොලීසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි.

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර වැඩි ඡන්දයෙන් සම්මතයි

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර වැඩි ඡන්දයෙන් සම්මතයි