පාසල් ගුරුවරයෙක්ගේ පිළිස්සුණ සිරුරක් කුලී නිවසින් හමුවෙයි - ගිනි ඇවිලිලාද තියා ගත්තද කියලා සැකයක්
By Kaushi
කොස්ගම මුණමලේවත්ත අත්පන්දු ක්‍රීඩාංගණය අසල නිවසක තිබී ගිනිගෙන දැඩිව පිළිස්සුණු පාසල් ගුරුවරයෙකුගේ මළ සිරුරක් අද (31) දින හමු වු බව කොස්ගම පොලිසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක මින්විසුතුරුගම හල්පේ පදිංචිකරුවකු වන මොරඇදගේ නන්දකුමාර නැමැති 39 හැවිරිදි පාසල් ගුරුවරයෙක් බව සඳහන්.
අඳාළ පාසල් ගුරුවරයා හංවැල්ල ඉලුක්ඕවිට විද්‍යාලයේ ඉගෙන්වීම් කටයුතු කරන අයෙකු බවත් එම නිවසේ කුලී පදනම මත සිට ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
නිවසේ නිදා සිටියදී මෙලෙස සිරුරට ගිනි ඇවිලි ඇති බවත් විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුව ඇති ද ගිනි තියාගෙන සියදිවි හානි කර ගෙන ඇති ද යන්න සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය වැඩිදුටත් පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.