දෙවියනේ දරුණු අනතුරක් - හය දෙනෙක් මේ වෙද්දිත් රෝහලේ
කොළඹ–මඩකලපුව ඒ 4 ප්‍රධාන මාර්ගයේ රත්නපුර, තිරිවනාකැටිය ප්‍රදේශයේ අද (31) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ මහ රෝහලට ඇතුළත් කර ඇති බව රත්නපුර පොලිසිය සඳහන් කරයි.
අනතුරට ලක්ව ඇත්තේ ලොරි රථයක් සහ වෑන් රථයකි.
වෑන් රථයේ ගමන්ගත් පස් දෙනෙක් සහ ලොරි රථයේ සහායකයෙකු තුවාල ලබා ඇත.
අනතුර සිදු වී ඇත්තේ ගොඩනැගිලි ද්‍රව්‍ය පටවාගෙන පැල්මඩුල්ල දිගට ගමන් කළ ලොරි රථයක් හා මොණරාගල ප්‍රදේශයේ අවමගුල් නිවසකට ගිය වෑන් රථයට මුහුණදී ගැටීමෙනි.
අනතුරෙන් පසු ලොරි රථය පාර හරහා පෙරලී තිබුණ අතර, වෑන් රථයට දැඩි අලාභ සිදු වී තිබේ.
වෑන් රථයේ ගමන්ගත් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවත් පොලිසිය දැනුම් දී ඇත.