ග්‍රාම නිලධාරීනීගේ සැමියා සාහසිකව ඝාතනය කිරීම පිටුපස ඇත්තේ හමුදා සෙබලෙක් ද.?
මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදු කරන පොලිස් පරීක්ෂණ සඳහා උපරිම සහාය දක්වන බව ශ්‍රී ලංකා යුධ හමුදාව නිවේදනය කර සිටිනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ එම ඝාතනයට යුධ හමුදා සාමාජිකයකු සම්බන්ධ වී ඇත්දැයි සෙවීමට ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකාය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
එම විශේෂ විමර්ශනය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත සිදු කෙරෙන බව ද සඳහන්. මෙතෙක් සිදු කර ඇති එම විමර්ශනයේ සොයා ගත් කරුණුවලට අනුව එම ඝාතනය සඳහා මට්ටක්කුලිය යුධ හමුදා කඳවුරට අනුයුත්ව සේවය කරන කෝප්‍රල්වරයකු සම්බන්ධ බවට මූලිකව අනාවරණය වී තිබෙන බවද එහි සඳහන් වනවා.
එම හමුදා සෙබළා තවත් පුද්ගලයකු සමඟ එක්ව මෙම ඝාතනය සිදු කර ඇති බවටයි සැක කරන්නේ. සැකකාර හමුදා සෙබළා ඝාතනයට ලක් වූ ග්‍රාමසේවා නිලධාරිනියගේ සැමියා සහ එම පවුලේ අය සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇතැයි ද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
