මට්ටක්කුලියේ ව්‍යාපාරිකයකු ඝාතනයට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙක් මාට්ටු
මට්ටක්කුලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයින් සිවු දෙනෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ රිවෝල්වරයක්, උණ්ඩ 6ක්, හා ආරක්ෂිත උපකරණ කිහිපයක්ද පොලීසිය භාරයටගෙන ඇත.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු රැස්කිරීම සඳහා පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.