ලංකාවේ දරුවන්ටත් සමාජ මාධ්‍ය භාවිතයට විලංගු - පැනවෙන දැඩි සිමා ගැන දෙමව්පියන්ට දැනුවත් වෙන්න

Report

වයස අවුරුදු 16ට අඩු ශ්‍රී ලංකාව තුළ දරුවන්ට සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම සීමා කිරීම අරමුණු කරගත් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා විසින් ඉදිරිපත් කරන ලද "සමාජ මාධ්‍ය අවම වයස් සීමාව පිළිබඳ පනත් කෙටුම්පත" මඟින්, දරුවන් අන්තර්ජාලය ඔස්සේ හානිකර අන්තර්ගතයන්ට සහ ක්‍රියාකාරකම්වලට නිරාවරණය වීම වැළැක්වීම මෙන්ම සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල සේවා සපයන්නන් සඳහා නියාමනයන් හඳුන්වා දීම මෙහි අරමුණ වේ.

පොසොන් පොහොයට දන්සැල් හා තොරණ් කරනවනම් වහාම පොලිසිය දැනුවත් කරන්න - රියදුරන්ටත් පොලිසියෙන් වැදගත් නිවේදනයක්

පොසොන් පොහොයට දන්සැල් හා තොරණ් කරනවනම් වහාම පොලිසිය දැනුවත් කරන්න - රියදුරන්ටත් පොලිසියෙන් වැදගත් නිවේදනයක්

යෝජිත කෙටුම්පතට අනුව, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය සේවා සපයන්නන් විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට එම මාධ්‍ය වෙත ප්‍රවේශ වීම වැළැක්වීමට සහ වයස් සීමාවන්ට යටත් වන පරිශීලකයන් වෙනුවෙන් දැඩි සීමාවන් පැනවීමට පියවර ගත යුතු වේ.

සමහර අන්තර්ජාල සේවාවන් භාවිත කිරීමට දරුවන්ට ගත හැකි කාලය මෙන්ම ඔවුන්ට ප්‍රවේශ විය හැකි දවසේ වේලාවන් සීමා කිරීමට ද මෙම පනත මඟින් ප්‍රතිපාදන සැලසෙන අතර මෙම සීමාවන් බලාත්මක කිරීම සඳහා අන්තර්ජාල සේවා සපයන්නන්ට සහ සමාජ මාධ්‍ය ජාලවලට නියෝග නිකුත් කිරීමට අදාළ විෂයභාර අමාත්‍යවරයාට බලය පැවරෙනු ඇත.4

තෙල්දෙණිය වෛද්‍යවරිය ඝාතනයේ සැකකරු හා බිරිඳ අත්අඩංගුවට - යාපනයේ සැඟවී සිටිද්දී පොලිසියෙන් කඩාපනී

තෙල්දෙණිය වෛද්‍යවරිය ඝාතනයේ සැකකරු හා බිරිඳ අත්අඩංගුවට - යාපනයේ සැඟවී සිටිද්දී පොලිසියෙන් කඩාපනී

මීට අමතරව, පනත ක්‍රියාත්මක කිරීම, පැමිණිලි භාරගැනීම, විමර්ශන පැවැත්වීම සහ පනතේ ප්‍රතිපාදන බලාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජාතික ළමා රක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයෙකු පත් කිරීමට ද මෙහි ප්‍රතිපාදන සලසා ඇත.