9 වසරේදී O/L ලියලා සුපිරියටම පාස් වුණ අවුරුදු 14ක පුංචි දක්ශයාගේ අපූරු කතාව මෙන්න

By Kanchana Jun 24, 2026 09:02 AM GMT
Report

 9 වසරේදී O/L ලියලා සුපිරියටම පාස් වුණා අවුරුදු 14ක පුංචි දක්ශයා සාමාන්‍ය පෙළ (O/L) විභාගයට දරුවෙක් මුහුණ දෙන්නේ වයස අවුරුදු 16දී 11 වසරෙදී . ඒත් මේ කියන්න යන්නේ වෙනස් කතාවක් .

කේ. ඒ. බිහදු විනාල් ගාල්ලේ පදිංචි මේ පුංචි පුතා, 9 වසරේදී ඉතාමත් කෙටි කාලයකදී සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම ජයග්‍රහණය කරලා ඇත්තටම මේ වගේ පන්තියක ඉදලා මෙවැනි අසීරු කඩඉම් විභාගයක් ජයග්‍රහණය කිරීම සැබවින්ම ආශ්චර්යයක්. බිහදු පුතාගේ මේ අසමසම බුද්ධියත්, දක්ෂතාවයත් රටක් විදිහට අපිට ලොකුම ලොකු ආඩම්බරයක් .

ඒ වගේම ඔහු මේ වික්‍රමය කළේ පාසල් අයදුම්කරුවෙකු විදිහට නෙමෙයි, පෞද්ගලික අයදුම්කරුවෙකු විදිහටයි ගාල්ල, ගොඩකන්ද ප්‍රදේශයේ පදිංචි චතුර ලක්මාල් සහ අනුෂා දිල්රුක්ෂි යන ආදරණීය මව්පියන්ගේ බාල පුතු තමයි.

මං නොමැරුනොත් එන්නම් යාලුවනේ.. කියා ගිය ඇය යළි කිසිදින නොඑන්නම ගිහින් - රුහුණ සරසවියම කම්පා කළ මරණය

මං නොමැරුනොත් එන්නම් යාලුවනේ.. කියා ගිය ඇය යළි කිසිදින නොඑන්නම ගිහින් - රුහුණ සරසවියම කම්පා කළ මරණය

බිහදු. ඔවුන් දෙදෙනාම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සේවා නිලධාරීන් ලෙස සේවය කරනවා. කුඩා කල සිටම ඉගෙනීමට සුවිශේෂී ලැදියාවක් දැක්වූ බිහදු, 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 169ක් ලබා ගනිමින් ගාල්ලේ ප්‍රමුඛ පෙළේ විද්‍යාලයක් වන මහින්ද විද්‍යාලයට ඇතුළත් වුණා.

ඔහු පොතපතට විතරක් සීමා වෙච්ච කෙනෙක් නෙමෙයි. පාසලේ කථික හා විවාද අංශවලිනුත් කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කරපු දක්ෂයෙක් බිහදුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සනිටුහන් වෙන්නේ ඔහු 8 වසරේ ඉගෙනුම ලබන කාලයේදීයි. තමන්ගේ ලොකු අයියා උසස් පෙළ විභාගය වෙනුවෙන් සූදානම් වෙමින් කියවපු බැරෑරුම් පොත්පත් දෙස බිහදු බලා සිටියේ දැඩි කුතුහලයකින් සහ ආශාවකින්.

ඒ ආශාව කෙතරම් තදින් හිතට වැදුණාද කියනවා නම්, 9 වසරට ඇතුළු වෙද්දීම සාමාන්‍ය පෙළ (O/L) විභාගයට මුහුණ දීමේ දැඩි අධිෂ්ඨානයක් ඔහු තුළ ඇති වුණා. අවුරුදු 14ක ළමයෙක් පාසලෙන් අයින් කරලා කෙලින්ම O/L ලියවන්න තීරණය කරන එක ලේසි නෑ. මුලදී බිහදුගේ පියා මේ අවදානම් සහගත තීරණයට දැඩි ලෙස අකමැති වුණත්, පුතා සතු අසිරිමත් කියවීමේ සහ ග්‍රහණය කරගැනීමේ හැකියාව දැකලා පසුව ඊට අවසර දී තිබෙනවා. විභාගයට ලියාපදිංචි වෙන්න යනකොට බිහදු මුහුණ දුන්න ලොකුම අභියෝගය තමයි විභාගයට පෙනී සිටීමට ජාතික හැඳුනුම්පතක් (NIC) ලබා ගැනීමට තරම්වත් වයසක් ඔහුට නොතිබීම. නමුත් උත්සාහය අත්නොහළ මේ අපූරු දරුවා, විභාගයට පෙනී සිටීමේ අනන්‍යතා පත්‍රය විදිහට විශේෂයෙන්ම සකස් කරගත්තු විදේශ ගමන් බලපත්‍රයක් (Passport) භාවිත කර තිබීම විශේෂත්වයක් පාසලෙන් ඉවත් වුණාට පස්සේ බිහදුට සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය ආවරණය කරගන්න ඉතිරි වෙලා තිබුණේ මාස 6ක වගේ ඉතා කෙටි කාලයක් විතරයි.

උපකාරක පන්ති මෙන්ම ඔන්ලයින් (Online) පන්ති හරහා දිවා රෑ නොබලා දැඩි කැපවීමකින් වැඩ කරපු  බිහදු   අවසානයේදී තමන්ගේ සිහිනය සැබෑ කරගත්තේ මුළු රටම මවිතයට පත් කරමින්.

බිහදු බිනාල්ගේ මීළඟ ඉලක්කය තවත් සුවිශේෂී එකක්. ඔහු තමන්ගේ උසස් පෙළ (A/L) අධ්‍යාපනය සඳහා ජීව විද්‍යා අංශය (Biology) තෝරාගෙන තිබෙනවා. ඔහුගේ එකම අරමුණ අනාගතයේදී විශිෂ්ට වෛද්‍යවරයෙක් වීමයි.

ඔහු මුළු මහත් රටටම කියා පෑවේ ඉගන ගන්න තමන්ගේ පුංචි වයසට කළ නොහැක්කක් නොමැති බවයි . ඉතිං මේ බිහදු මුළු මහත් රටටම ආඩම්භරයක්