බයිපාස් කරලා මල මුත්‍රා අයින් කරන දරුවන්ට දෙන බාල පැකට් දීලා - ඒ දරුවොන්ට ගඳයි කසනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශෙට ගිහින් පෙන්නලා - චාමර සම්පත්
අද (24) දින රැස් වූ පාර්ලිමේන්තුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් දැනට රටේ පවතින ගැටළු කිහිපයක් උපුටා දැක්වීය.
ඩෙංගු ව්‍යාප්තිය හා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පවතින ගැටළු පිලිබදවත් රටේ ජනතාව දැනට මුහුණ දෙන ගැටළු පිලිබදවත් ආණ්ඩුවෙන් විමසා සිටියේය වැඩිදුරටත් ඔහු පවසා සිටියේ,
"සමහර ලෙඩ තියෙනවා මලමූත්‍රා පහ කරන්න බයිපාස් කරලා බඩවැල හරහා අර පැකට් එක එල්ලන්න වෙන එක.මේක ඩෙන්මාර්ක් සහ චීනයෙන් එනවා.මේක පිළිකා හා උපතින්ම සමහර දරුවන්ට මේක පාවිච්චි කරනවා.හැබැයි මේ ඩෙන්මාර්ක් එක නැතුව චීනෙ එක දෙන්න ගත්තට පස්සේ මේකෙන් ගද වහනය වෙනවා බඩට දැම්මම මේක කහනවා.රිජ්වේ ළමා රෝහලේ මේවා පාවිච්චි කරන දරුවෝ ඉන්නවා.
එයාලට පාසල් යන්න බැරිව ඉන්නවා.ආණ්ඩුව මොන අණපනත් ගෙනාවත් මොන පම්පෝරි ගැහුවත් ආණ්ඩුවට මේ දේවල් පේන්නේ නෑ.එහෙ ළමයි මේ පැකට එක උස්සලා පෙන්නලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශෙට ගිහින්.මේක දාන්න බෑ ගදයි කියලා.මේක රු.5000 වෙනවා ඩෙන්මාර්ක් එක.පැකට් හයක් ගන්න රු.30000ක් යනවා.ඒක ගන්න බැරි දුප්පත් අයට රජයෙන් දෙනවා.ඒත් මේ ඩෙන්මාර්ක් එක වෙනුවට චීනෙ එක වෙන එක ප්‍රශ්ණයක්." ලෙසයි.