අද තරගයේ ක්‍රීඩා කිරීමට සිටී, තවත් ප්‍රබල ක්‍රීඩකයෙක් කොවිඩ් ආසාදිත වෙයි..!
By Sewvandhi
ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් හට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ඔහු අද (28) එංගලන්තයට එරෙහි ව පැවත්වෙන තරගය සඳහා ක්‍රීඩා කරනු ඇති බව යි වාර්තා වන්නේ.
නමුත් ක්‍රීඩාංගණයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පස්වරු 1.30 පමණ වන තුරුත් තරගය ආරම්භ වුණේ නෑ. මීට පෙර ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පාට ද කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වුණා.
මේ අතර, හෙට ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය් පැවැත්වීමට නියමිත යි. ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වුණු අවසන් තරගයේ දී ආබාධයකට ලක් වූ බිනුර ප්‍රනාන්දු වෙනුවට කසුන් රාජිත හෝ අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇති බව යි ආරංචි වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |