සිසුවියන් 16ක් අපයෝජනය කළ කළුතර ගණන් ගුරා කොටුවෙයි.(VIDEO)

Sri Lanka Police Sri Lanka
By Wayomi May 11, 2023 05:04 AM GMT
Wayomi

Wayomi

Report

සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ බව කියන කළුතර උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන කළුතර ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගැනුණා

30 හැවිරිදි වියේ පසු වූ සැකකරු විවාහකයෙකු වන අතර ඔහුගේ බිරිඳ ද ඔහුට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබුණා.

සැකකාර උපකාරක පන්ති ගණිත ගුරුවරයාගෙන් අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධාරිනියකගේ දියණියක් ද සිටින බව සඳහන්.

එමෙන්ම සැකකරු දැරියන්ට ලිංගික අතවර කිරීම් සිදුකරන අතරතුර සිදුකළ වීඩියෝ පටිගත කිරීම් 16ක් සම්බන්ධයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බවත් කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පවසනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW