මේකත් හමුදාවක්ද ? අවුරුදු 66ක කාන්තාවක් හිසට වෙඩි තියලා මරලා
ඊශ්‍රායෙල් හමුදා සාමාජිකයන් විසින් බටහිර තීරයේ ෂුෆාත් කඳවුරට අද (25) අලුයම සිදුකළ සෙරින ප්‍රහාරයකදී වයස 66ක් වූ සහියා ජුදා අල්-ඔබයිඩි මහත්මියගේ හිසට වෙඩි තබා මරාදමා ඇතැයි වාෆා පුවත් සේවය වාර්තා කරයි.
එම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් ඊශ්‍රායෙල් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එය Ynet News වෙබ් අඩවිය සඳහන් කරයි. මෙම සිද්ධිය පලස්තීන ජනතාව අතර දැඩි අඳෝලනයක් ඇති කර ඇති අතර, ජාත්‍යන්තර මට්ටමින්ද අවධානය යොමුවෙයි.
මේ ආකාරයට ගාසාහි පලස්තීන අහිංසක දරුවන්, වයස්ගත පුද්ගලයන් ,ලෙඩ්ඩුන් ,අලුත උපන් බිලිදුන් ,සතුන්ට පවා අපරාධ කර මරා දැමීමේ චෝදනා ඊශ්රායල හමුදාවට එල්ල වේ.