ඊශ්‍රායාලයට ඔත්තු බැලූ තිදෙනෙක් මරා දමයි
By Hashini
ඉරාන ප්‍රවෘත්ති ඒජන්සි පවසන්නේ ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයින් තිදෙනෙකු ඔරානය එල්ලා මරා දමා ඇති බවයි.
මිසාන් ඒජන්සිය පවසන්නේ ඝාතනය සිදු කිරීම සඳහා උපකරණ රට තුලට හොර රහසේම ගෙන යාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් වැරදිකරුවන් වූ බවයි.
ඊශ්‍රායලයට සහයෝගී වීම සඳහා අත්අඩංගුවට ගෙන නඩු පවරන ලද පුද්ගලයින් තිදෙනෙකු ලෙස මිසාන් ඉද්‍රීස් අලි , අසාද් ෂෝජායි සහ රසුල් අහමඩ් රසුල් නම් කර තිබෙනවා.
ඉරානය විසින් දින 12ක ගැටුමේදී ඊශ්‍රායලය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබූ පුද්ගලයින් 700 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි රාජ්‍ය අනුබද්ධ නුර් නිවුස් වාර්තා කරන්නේ.