රජයේ රැකියාවකට අලුත් අවස්ථාවක්
රාජ්‍ය සේවයට නවකයින් 30,000ක් බඳවා ගැනීම ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය පරිපාලන, සැලසුම්, විද්‍යාත්මක ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටත්, කළමනාකරණ සහකාර, ග්‍රාම නිලධාරී ඇතුළු අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහාත් සුදුසුකම්ලත් අයදුම්කරුවන් තරග විභාග හරහා බඳවා ගන්නා බව අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කළේය.
මෙවැනි විශාල පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සිදුවන්නේ වසර 7කට පසුව බව සඳහන් වේ. උපාධිධාරීන් හා තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය.