මහින්දානන්ද කූරු ගනිද්දි නාවලපිටියේ බලය ගෝලයෝන්ගේ අතට

Report

අද (25) උදෑසන 9:00ට නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම එම රැස්වීම් ශාලාවේදි පැවැත්වුණා.

ඒ මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

වෛද්‍ය මහේෂි මොළය මැරුණු රෝගීන්වත් ගසා කාලා

වෛද්‍ය මහේෂි මොළය මැරුණු රෝගීන්වත් ගසා කාලා

එහිදී එම මහ නගර සභාවේ නව සභාපතිවරයා ලෙස ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ සභාවට තේරිපත් වූ එම නගර සභාවේ හිටපු නගරාධිපති අමල් ප්‍රියංකර මහතා ඡන්ද 09ක් ලබා ගනිමින් තේරී පත් වුණා.

එසේම සභාවේ උප සභාපතිවරයා ලෙස ඡන්ද 9 ක් ලබා ගෙන තේරී පත් වූයේ ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ සිටි කරුපප්නන් සුරේෂ්වරන් මහතායි.

මෙහිදී ජාතික ජන බලවේගයෙන් තිලක් අමරිසිරි සිරිසේන මහතා සහ උප සභාපතිවරයා ලෙස හේවගේ ප්‍රසන්න මහතා යොජනා කෙරුණා.

එහිදී පැවති විවෘත ජන්දයෙන් ජන්ද 05 බැගින් ලබා ගැනීමට ඔවුන් දෙදෙනා සමත් විය.

එසේම එම සභාව නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයෙක් ස්වාධීනව ක්‍රියා කළා.

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

මේ අතර නාවලපිටිය නගර සභාව සභිකයින් 15 දෙනෙකු නියෝජනය කරයි.

ඒ ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීධූර 5ක්, ස්වාධීන කණ්ඩායම් අංක 01 මන්ත්‍රිධුර 2ක්, සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීධූර 2ක්, එක්සත් ජාතික සංධානයෙන් මන්ත්‍රිධූර 1ක් ලෙසයි.

කෙසේ වුවද බහුතර බලයක් කිසිදු කණ්ඩායමකට හිමිනොවීම හේතුවෙන් ස්වාධීන කණ්ඩායම් එක්වී නාවලපිටිය නගර සභාවේ සභාපතිධූරය සහ උප සභාපතිධූරය හිමි කරගැනීමට සමත් වුණා.  

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට