අර්ජුන ඇලෝසියස්ට එරෙහි නඩුවකට දින නියම වෙයි

Report

මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහි නඩුව එළඹෙන ජූලි මස 23වනදා කැඳවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

නොච්චියාගම පී. ඩී. ජී. ඇග්‍රි බිස්නස් සමාගමෙන් කැබලි කරන ලද බඩ ඉරිඟු කිලෝ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඊට අදාළ මුදල් නොගෙවා රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක මුදලක් වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවකට අදාළව මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව කැඳවු අවස්ථාවේ අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

හැමෝම යුද්ධ කරද්දී ඉන්දියානුවන් හදත් අල්ලලා ඉවරයි

හැමෝම යුද්ධ කරද්දී ඉන්දියානුවන් හදත් අල්ලලා ඉවරයි

ඊට අදාළ විමර්ශනයන් හි ප්‍රගතිය දන්වන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කර ඇත.

සැකකාර අර්ජුන් ඇලෝසියස් මහතා අදාළ නඩුව කැඳවීමට නියමිත ලබන ජූලි මස 23 දින යළි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කර තිබෙනවා. 

ඊශ්‍රායාලයට ඔත්තු බැලූ තිදෙනෙක් මරා දමයි

ඊශ්‍රායාලයට ඔත්තු බැලූ තිදෙනෙක් මරා දමයි