පිපිරීමක් නිසා ලොවපුරා දැවැන්ත ඉන්ධන හිඟයක්...රටවල් රැසක් අඳුරේ..(PHOTOS)

Indian Lebannan massive-fuel-shortage Electric stop
By Aruna Oct 10, 2021 12:57 AM GMT
Aruna

Aruna

Report

ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 කට ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අද සිට විදුලි උත්පාදන කටයුතු නතර කරනු ලැබූ බවට ලෙබනන් රජය නිල වශයෙන් දැනුම් දුන් අතර එය හැකියාව වෙතොත් ලබන සඳුදා නැවත ඇරඹීමට බලාපොරොත්තු වෙන බවද ඔවුන් සඳහන් කර සිටියි.

ලෙබනන් හමුදාව සතු ඉන්ධන සංචිත යොදා ගෙන විදුලි උත්පාදන කටයුතු ඇරඹීමට ලෙබනන් විදුලි සමාගම බලාපොරොත්තු වෙන් පසුවුවත් එය ඉක්මනින් සිදුවේද යන්න ගැටළු සහගත බවයි එරට රජය පවසන්නේ.

2020 වර්ෂයේ බේරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් පසුව එරට පාලන බලයේ සිටි රජය ඉවත් වීමත් සමග ලෙබනනයේ තත්ත්වය දිනෙන් දින පිරිහීමට ලක්වෙමින් තිබෙනවා.

අවශ්‍ය ඉන්ධන ගබඩා නොකර ගැනීම ඇතුළු අත්‍යාවශය භාණ්ඩ හිඟකමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ පාලන බලය අල්ලා ගැනීමට වෙර දරණ විවිධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය බවයි ජාත්‍යන්තර විශේෂඥයින් පවසන්නේ.

මේ අතර ලොවපුරා බලශක්ති හිඟ තාවයක් මතුවෙමින් පවතිනවා. ඒ ගෝලීය ඉන්ධන හිඟතාවයක් මතුවීමත් සමගයි. ඉන්දියාවේ ගල් අඟුරු විදුලි බලාගාර ඉදිරි දීන 03 තුලදී අක්‍රිය වෙනු ඇති බවට එරට රජය දැනටමත් ප්‍රකාශ කර ඇත.

ඒ ඔවුන්ගේ ගල් අඟුරු බලාගාර 135 සඳහා ඇත්තේ දින 03කට ප්‍රමාණවත් ඉන්ධන බවයි රජයේ දත්ත පෙන්නුම් කරන්නේ.

මේ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර මිලියන 20 කට අධික ජනතාවට අඳුරේ සිටීමට සිදුවෙනු ඇති බවට දැනටමත් අනතුරු අඟවා ඇත.

මේ අතර කොවිඩ් වසංගතයෙන් පසු රටේ ආර්ථිකය නැවත විවෘත කිරීමත් සමග චීනයේ ගල් අඟුරු බලාගාර නැවත සක්‍රිය කෙරුණද ලොවපුරා ගල් අඟුරු සඳහා ඇතිවී තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් මිල ගණන් ඉහළ යෑම නිසා එම විදුලි බලාගාර පාඩු ලැබීම හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් චිනයේද ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම ඇණ හිට තිබෙන බව සඳහන්.

විශේෂයන් දකුණු ගුආන්ඩොන්ග් ප්‍රාන්තය සහ නිරිත දිග චීනයේ කර්මාන්ත ශාලා බහුලව පිහිටි ජිලිං, ලියෑනිංන් සහ හෙලිඔන්ගීජෑන්ග් යන ප්‍රදේශවලට මෙම තත්ත්වය තදින්ම බලපෑමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර චීනයේ ප්‍රාන්ත 16ක ඉන්ධන ඇතුළු බලශක්ති බෙදා හැරීම සලාක ක්‍රමයට යටත් කිරිමට කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ පුර්ණ විදුලි ඇණ හිටීමක් සිදුවීම වලක්වා ගැනීම සඳහායි.

මේ අතර කොවිඩ් -19 වසංගතයෙන් පසු ආර්ථික කටයුතු නැවත ඇරඹීමත් සමගම යුරෝපයේ ද ඉන්ධන හිඟතාවයක් මතුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now


GalleryGalleryGalleryGallery