රටම ආරක්ෂා කරන්න ලේයර් 03කින් යුත් නව මාස්ක් (mask) එක(PHOTOS) ..උසස්ම ප්‍රමිතියෙන්..
රටේ පවතින වසංගත තත්වය හමුවේ ජනතාවට විශ්වාසයෙන් යුතුව භාවිතා කළ හැකි, තත්වයෙන් උසස් Mask නිපදවීම සඳහා SP Mask නවතම නිශ්පාදනාගාරය අද උදෑසන විවෘත කෙරුණා.
ඒ මාතර වැලිගම දීයි.
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ආරක්ෂක උපාංග සහ Mask සැපයීමේ ප්‍රමුඛයා වූ දකුණු ලක ප්‍රමුඛතම වෙළඳ නාමයක් වන SP Safety Product ආයතනය විසින් SP Mask හඳුන්වා දෙනවා.
ලේයර් තුනකින් සමන්විත Surgical Mask එකක් ලෙස SP Mask වෙළඳපොළට හඳුන්වා දුන්නේ පවතින කොරෝනා වසංගත සමයේ තත්වයෙන් බාල Mask භාවිතා කිරීමෙන් ජනතාවට සිඳුවන හානිය අවම කිරීම වෙනුවෙන්.
නවීනතම ස්වයංක්‍රීය යන්ත්‍ර පද්ධතියකින් සමන්විත මෙම SP Mask නිශ්පාදනාගාරයේදී දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ Mask නිපදවීම සිදු වන්නේ බාහිර පරිසරයට නිරාවරණය නොවන ලෙස සහ මිනිස් ස්පර්ශයකින් තොරවයි.
එමෙන්ම SP Mask නිශ්පාදනාගාරයේ සියලු මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ ජෛව බුබුලක් ලෙස ක්‍රියාතමක වන සේවක පිරිසක් විසින්.
දිනෙන් දින යළි ඉහළ යන කොරෝනා වසංගතයෙන් පරිස්සම් වන්නට නම් ඔබ නිසි ප්‍රමිතියෙන් යුතු Mask එකක් නිසි පරිදි පැළඳිය යුතුමයි.
නමුත් මේ වනවිට නිසි ප්‍රමිතියෙන් යුතු Mask ඔබට වෙළඳපොළ තුළ හමුවන්නේ ඉතාමත් කලාතුරකින්.
එම ගැටලුවට ඔබට හොඳම විසඳුම සපයමින්, පාලිත තත්ව යටතේ නිශ්පාදනය කෙරෙන ප්‍රමිතියෙන් ඉහළ SP Mask පිළිබඳව වැඩි විස්තර සඳහා 0772991093 අමතන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |










