අපි ආදරය කරලා විවාහ වුනාට විවාහයෙන් පස්සේ තමයි ආදරේ වැඩි වුනේ, මගේ පළමු ආදරය තමයි ඔහු-මාෂි සිරිවර්ධන (PHOTOS)

By Sithumi Apr 08, 2023 10:44 AM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ.

ඒ වගේම ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ වන මාෂි සිරිවර්ධන කියලා කියන්නෙත් අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න සුන්දර රංගන ශිල්පිනියක්. ඉතින් ඇය ඉදිරියේදී තිරගත වීමට නියමිත යුගාත්‍රා සිනමා නිර්මාණය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට පැමිණීමට නියමිතයි.

කොහොම නමුත් පුබුදු මාෂි ආදරණීය කළා යුවල විවාහ වෙලා දැන් අවුරුදු 5කුත් ගෙවී ගොස් අවසන්. ඉතින් පහුගිය දවසක 5වෙනි විවාහ සංවත්සරය සමරපු ඔවුන් දැන් ගෙවන ආදරණීය ජීවිතය ගැන වගේම ඔවුන්ගේ අලුත්ම තොරතුරු ගැනත් මාෂි සිරිවර්ධන පහුගිය දවසක පුවත්පතකට පවසලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් දැන් ඔවුන් විවාහ වෙලා වසර පහක් වුනත් විවාහ ජීවිතේ පටන් ගත්තටත් වඩා සුන්දරව අදටත් ගෙවමින් ඉන්නවා කියලයි මාෂි නම් කියන්නේ. ඒ වගේම වසර පහක් ‍එකට ගෙව්වද කියලා දැනුණෙවත් නෑ කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඔවුන් ආදරය කරලා විවාහ වුණාට විවාහයෙන් පස්සේ තමයිලු ඔවුන් අතර තියෙන බැඳීම වැඩි වුණේ.

ඉතින් දෙන්නගේ ආදරේ අවුරුද්දෙන් අවුරුද්ද අලුත් වෙනවා වගේ තමයි දැනෙනවා කියලයි මාෂි කියන්නේ. මොකද ඔවුන්ගේ ආදරේ එන්න එන්න වැඩි වුණා මිසක් අඩු වුණේ නැති නිසා.