විවාහ වෙන්න ඉන්න අයට රජයෙන් සුබ ආරංචියක්..බඳින්න කලින් මේදේ කරන්නලු...

Sri Lanka
By Aruna Oct 06, 2022 01:37 AM GMT
Aruna

Aruna

Report

තරුණ තරුණියන් ගැන ගත් තීරණය ළඟදී විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට ඉවුම් පිහුම් පාඨමාලාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය තීරණය කර තිබෙනවා.

විවාහ වීමට සිටින තරුණ තරුණියන්ට අමතරව උසස් අධ්‍යාපනය හා විදෙස් රැකියා සඳහා විදේශ ගත වීමට අපේකෂාවෙන් සිටින තරුණ තරුණියන්ට මෙන්ම පාසල් දරුවන්ටද තමන්ගේ ආහාරපාන තමන් විසින්ම සකස් කර ගැනීමට හැකි වන පරිදි ඔවුන්ටද ඉවුම් පිහුම් පාඨමාලාවන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් මහතා කීය.

ඇතැම් දෙමාපියන් තම ගැහැණු දරුවන් සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවලට යොමු කිරීමට අකැමැත්තක් දක්වන බව පෙන්වා දෙන ඔහු සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ඇති එවැනි වැරදි මත හිත්වලින් ඉවත්කර ගැනීමට කාලය පැමිණ ඇති බවද කියා සිටියා.

වර්තමානයේ දෙමාපියන්ගේ කාර්ය බහුලත්වය මත දරුවන්ට මෙවැනි පාඨමාලාවක් හැදෑරීමෙන් ඔවුන්ට අඩු මුදලකට තනිවම තම ආහාරපාන සකසා ගැනීමට අවස්ථාව හිමි වන බවත් දිනපතා ඔවුන්ට එම ආහාරපාන සකසා ගැනීමට උගන්වන පරිදි මෙම පාඨමාලාව සකස් කර ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) කනිෂ්ක එන්. ජයතුංග මහතා කීය.

මේ සඳහා නුදුරු දිනයකදීම අයැදුම්පත් කැඳවන බව හෙහෙතම වැඩි දුරටත් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now