මාක් සකර්බර්ග්ට හදිසියේ ඇති වූ අකරතැබ්බය

srilanka Mark zuckerburge
By Sithumi Feb 04, 2022 04:40 PM GMT
Sithumi

Sithumi

Report

18 වසරක ෆේස්බුක් ඉතිහාසයේ පළමු වරට එහි දෛනික සක්‍රීය පරිශීලකයින් ගණන පහත වැටී ඇතැයි ෆේස්බුක්හි මව් සමාගම වන මෙටා සමාගම පවසයි. එමෙන් ම, ෆේස්බුක්හි කොටස් වෙළෙඳපොළ වටිනාකම ද ඩොලර් බිලියන 230කින් අඩුවීමක් ඊයේ (ජන. 3) දින සිදුව ඇති බව එම සමාගම සඳහන් කර ඇත.

ඒ අනුව, කොටස් අගය 26.4% කින් පහත වැටී ඇති අතර එය මෙටා සමාගමට අයත් සමාගමක සිදුව ඇති වාර්තාගත දෛනික පාඩුවකි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මෙය මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 31කින් පහත වැටීමක් බව බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව පෙන්වා දී ඇති බව ය.

ඒ හේතුවෙන් සකර්බර්ග්ගේ පුද්ගලික ධනය පහත වැටීම එස්තෝනියාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයට සමාන වන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. පසුගිය දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුව දෙස බැලීමේදී ෆෙස්බුක්හි සක්‍රීය දෛනික පරිශීලකයින් බිලියන 1.930 සිට 1.929 දක්වා පහත වැටීමක් සිදුව ඇති බව මෙටා සමාගම සඳහන් කර තිබේ. 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ලොව විශාලතම සමාජ ජාලය වන ෆේස්බුක් සඳහා මෙවැනි පාඩුවක් සිදු වී ඇති ප්‍රථම අවස්ථාව ද මෙය බව ය. ෆේස්බුක් තරුණ පරිශීලකයින් ටික්ටොක් සහ යූටියුබ් වැනි අනෙකුත් සමාජ මාධ්‍ය වෙත යොමුවීම හේතුවෙන් ෆේස්බුක්හි විකුණුම් වර්ධනයට හානියක් සිදුවී ඇති බව මාර්ක් සකර්බර්ග් ද සඳහන් කර ඇත. 

    එමෙන් ම, ෆේස්බුක් සමාගම සඳහා වෙළෙඳ දැන්වීම්කරුවන් ද වියදම් කපා හරිමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මෙම වසරේ පළමු කාර්තුව සඳහා ෆේස්බුක් සමාගම ඩොලර් බිලියන 27 සිට ඩොලර් බිලියන 29 දක්වා ආදායමක් පුරෝකථනය කර ඇති අතර නමුත් එය විශ්ලේෂකයින් බලාපොරොත්තු වූවාට වඩා අඩු අගයක් බව ය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now