කොළඹ නගරාධිපතිනිය ව්‍රායි කැලී බල්තසාර් ඉල්ලා අස් වෙයිද? කොළඹ නගර සභාවට විරුද්ධව අධිකරණයට යන්නැයි ජනතාවට ඇරයුමක් [VEDIO]

Report

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් අධික වර්ෂාව පිළිබඳව කල්තියා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදීත් කොළඹ නගරයේ කාණු පද්ධතිය පිරිසිදු කිරීමේ සිය වගකීම ඉටු කිරීමට කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් අපොහොසත් වී ඇති බව පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (08) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එසේම එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ද පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ,

සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්

සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්

'' අවුරුදු එක හමාරක් ගිහිල්ලා මුකුත් කරගන්න බැහැ. දැන් මම දැක්කා ගිය සතියේ ඔය බල්තසාර්ම ෆේස්බුක් සටහනක් දාලා තිබ්බ එයාගේ කොට්ඨාසෙ කාණුවක් හදපු එකක් ගැන. ඒකයි අපි හැමදාම කිව්වේ මේගොල්ලන්ට ලොකු වැඩ බෑ. පොඩි වැඩ තමයි. හරි ලොකුවට දාලා තිබ්බා. ඕක නිසා තමයි දැන් නගර සභාවක ඩියුටි එක මොකක්ද? වෙලාවට කලාවට ක්‍රමානුකූලව සතිපතා දිනපතා මාස් පතා කුණු අස් කිරීම, කාණු සුද්ධ කිරීම, මදුරුවන්ට දුම් ගැසීම, කැඩිච්ච ලයිට් එක දමීම මේවා තමයි නගර සභාවේ කාර්ය. ඒ නිසා තමයි තිස්සමහාරාම ජනතාව ජේවීපි එකට එකපාරක් බලය දීලා ඉවරලා වෙලා ආයෙ කවදාවත් නොදුන්නේ. ඒ නිසා කොළඹ නගරය වගේ දේවල් හදන එක මේගොල්ලන්ට ලොකු වැඩ ඒවා බැහැ. මොකද හේතුව අර පිටකොටුවේ බස්ටෑන්ඩ් එකේ සීසිටිවී කැමරාවක් අයින් කරලා ඉස්සරහා පාට කරලා පිටිපස්සේ අර පොරෝන රෙදිවලින් වගේ වහලා ඉවර වෙලා විවෘත කරන වගේ වැඩ තමයි මේගොල්ලන්ට පුළුවන්. ඒ නිසා බල්තසාර්ට අපි කියනවා බයිල ගහන්න එපා. දැන් එයා ඊට පස්සේ ඇවිල්ල කියන්නේ මොකක්ද? බොරු කියන එකේ සීමාවක් තියෙනවා. අනුරගෙන් පටන් ගත්තම ඔක්කොම බොරු කියන්නේ. මේ බල්තසාර්ට බොරුවක්වත් කියන්න තේරෙන්නේ නෑ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ඔයාට බෑ. ඔයා අස්වෙන්න. ඔයා ලන්ඩන් නගරාධිපති කියලා හිතන් ඉන්නේ. කොළඹ නගරෙවත් කරන්න බෑ ඔයාට. ඔයා අස්වෙන්න. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් කොළඹ නගර සභාවට විරුද්ධව අධිකරණයට යන්න''

රත්තරන් ගන්නයි උකස් කරන්නයි හිතපු හැමෝම හොයපු අද රන් මිල - ඊයෙටත් වඩා මිල අඩු වෙයි

රත්තරන් ගන්නයි උකස් කරන්නයි හිතපු හැමෝම හොයපු අද රන් මිල - ඊයෙටත් වඩා මිල අඩු වෙයි

මේ අතර ඔහුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වන බව කියමින් අද දින ද ප්‍රකාශයක් කර ඇත.

එහිදී වසර ගණනාවක් නගර සභාව පාලනය කළ පාර්ශ්වයන් පිළිබඳව අදහස් දක්වමින්, වත්මන් නගර සභාවේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳවත් ඔහු ප්‍රශ්න කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තුන් වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකු වශයෙන් තම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු ගැන කතා කිරීමට තමන්ට අයිතියක් ඇති බව අවධාරණය කරමින්.

දහස් සංඛ්‍යාත පිරිසක් හෙට කොළඹ වටලන්න සූදානමක් - එළැඹෙන පැය 48 තීරණාත්මකයි

දහස් සංඛ්‍යාත පිරිසක් හෙට කොළඹ වටලන්න සූදානමක් - එළැඹෙන පැය 48 තීරණාත්මකයි

හැටන් යටවෙයි - හැටන් බස් නැවතුම්පොළ විනාසයි - මෙන්න විස්තරේ

හැටන් යටවෙයි - හැටන් බස් නැවතුම්පොළ විනාසයි - මෙන්න විස්තරේ

එම සම්පූර්ණ වීඩියෝව පහතින්,