කොළඹ ජල ගැලීම්වලට තිත තබන්න රැඩිකල් තීරණයක් - අනවසර ඉදිකිරීම්වලට නීතිමය පියවර ගන්නට සැරසෙයි

Report

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයන් ඇතිවීමට බලපාන ජලය බැස යන මාර්ග අවහිර කරන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ ජල සම්පාදන හා ජලාපවහන අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා සඳහන් කර ඇත්තේ, මට්ටක්කුලිය ශ්‍රී වික්‍රම පාර සහ බිමල්වත්ත පාර ආශ්‍රිතව හඳුනාගත් අනවසර ඉදිකිරීම් කිහිපයක් මේ වනවිටත් ඉවත් කර ඇති බවයි.

එමෙන්ම, මෙවැනි අනවසර ඉදිකිරීම් හඳුනාගෙන ඇති අනෙකුත් ස්ථාන සම්බන්ධයෙන්ද දැනුම්දීම් නිකුත් කිරීමට කොළඹ මහ නගර සභාව පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කර තිබේ.

නගරයේ ජලය බැස යාමේ පද්ධතිවලට බාධා ඇති කරන ඉදිකිරීම් හේතුවෙන් ගංවතුර තත්ත්වයන් උග්‍ර වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

ඒ අනුව, ජලාපවහන පද්ධති අවහිර කරමින් නගරයේ ජල ගැලීම්වලට බලපාන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරීමට කොළඹ මහ නගර සභාව කටයුතු කරනු ඇත.

ඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

බන්ධනාගාර රැදවියන් අතර දරුණු රෝගී තත්ත්වයක් පැතිරේ - රැඳවියන් අද අධිකරණයට ඉදිරිපත් නොකෙරේ

බන්ධනාගාර රැදවියන් අතර දරුණු රෝගී තත්ත්වයක් පැතිරේ - රැඳවියන් අද අධිකරණයට ඉදිරිපත් නොකෙරේ