හැටන් යටවෙයි - හැටන් බස් නැවතුම්පොළ විනාසයි - මෙන්න විස්තරේ

Report

හැටන් බස් නැවතුම්පොළ හැටන් නගරයට අද (09) දින පස්වරු 3:00ට පමණ ඇදහැලුණු අධික වර්ෂාවෙන් ජලයෙන් යට වී ඇත. එම්.ආර් ප්‍රදේශයෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී ඇත්තේ හැටන් නගරයේ වැසි ජලය ප්‍රධාන මාර්ගය දිගේ ගලා යෑම හේතුවෙන්ය.

හැටන් බස් නැවතුම්පොළට ඉහළින් වූ ගාමිණිපුර ප්‍රදේශයෙන් බස් නැවතුම්පොළට විශාල ජල පහරක් ගලා ඒම හේතුවෙන් එම ස්ථානයේ නායයෑමේ අවධානමක්ද පවතියි.

අස්වැසුමට සුදුසුකම්ලාභීන්ගේ දෙවන නාම ලේඛනය - අස්වැසුම ගැන මඟ බලපු අයට මෙන්න දිනය

අස්වැසුමට සුදුසුකම්ලාභීන්ගේ දෙවන නාම ලේඛනය - අස්වැසුම ගැන මඟ බලපු අයට මෙන්න දිනය

මේ අතර, පවතින වර්ෂාවත් සමග හැටන් කලාප කාර්යාලයේ ගිනුම් අංශයේ කොටසට ජලය කාන්දු වීමෙන් එහි නිළධාරින් දැඩි අපහසුතාවයට පත් වී ඇත.

දීපාවලී උත්සවය නිමිත්තෙන් පිට පළාත්වලින් හැටන් නගරයට පැමිණ සිටින ඇතැම් ව්‍යාපාරිකයන් වැසි ජලය ගලා යන ප්‍රධාන මාර්ගයට එම වෙළඳසැල්වල ඉවතලන කැලි කසල මලු පිටින් ජල පහරට වීසි කිරිම හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත. 

හැටන් යටවෙයි - හැටන් බස් නැවතුම්පොළ විනාසයි - මෙන්න විස්තරේ | Heavy Rain Floods Hatton Bus Stand