මෝටර් රථ ප්‍රවාහන සේවාවන් රැසක් පුළුල් වෙයි - මේ දේවල් කර ගන්න වේලාවක් වෙන්කරගන්නා ක්‍රමය මෙන්න
මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා පහසු සේවාවක් ලබාදීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එක්දින සහ සාමාන්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කර තිබේ.
ඒ අනුව, දෙපාර්තමේන්තුවේ එක්දින සේවාවන් ලබාගැනීමට පැමිණෙන සේවාලාභීන් පූර්වයෙන් වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම, රියදුරු බලපත්‍ර සම්බන්ධ කටයුතු සහ තාක්ෂණික ගැටලු නිරාකරණය කරගැනීම ඇතුළු සේවාවන් එමගින් ලබාගත හැකිය.
එක්දින සේවාවන් සඳහා වේලාවන් වෙන්කරවා ගැනීමට අදාළ කාර්යාලවල දුරකථන අංක පහත පරිදි වේ.
කොළඹ - 011 2 117 116
ගම්පහ - 033 2 117 116
කුරුණෑගල - 037 2 117 116
හම්බන්තොට - 047 2 117 116
අනුරාධපුරය - 025 2 117 116
යාපනය - 021 2 117 116
කෙසේ වෙතත්, මෙම කාර්යාලවලින් අලුතින් ලියාපදිංචි කරනු ලබන්නේ යතුරුපැදි පමණක් බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
එමෙන්ම, එක්දින සේවාවන් සඳහා වේලාවක් වෙන්කරවා ගැනීම dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය හරහා ද සිදුකරගත හැකිය.
මේ අතර, දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාවන් ලබාගැනීම සඳහා පූර්වයෙන් වේලාවක් වෙන්කරවා ගැනීම අවශ්‍ය නොවන බව ද දැනුම් දී තිබේ.
සාමාන්‍ය වාහන අයිතිය පැවරීමට අදාළ ලිපි ලේඛන භාරදීම සඳහා නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ද යොමු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.