සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හා සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පුහුණුකරුවන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහන සාර්ථකව නිමාවට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ජාතික වැඩසටහන සියලු පළාත් නියෝජනය කරන, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම දැනුමලත් පුහුණුකරුවන් 75 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 01 සහ 02 යන දෙදින මීපේ පිහිටි දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත් වූ බව සඳහන්.

එහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු, ජාතික විෂයමාලා රාමුව, අධ්‍යාපන පරිපාලන හා භෞතික සම්පත් සංවර්ධනය, පාසල් පාදක ඇගයීම් හා සහතිකකරණය ඇතුළු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන අංශ පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සහ පුහුණුවක් ලබා දුන් බව සඳහන්.

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

එසේම මෙම පුහුණුව ලත් සම්පත්දායකයන් යොදා ගනිමින් ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ අධ්‍යාපනයට සෘජුවම අදාළ පිරිස් දැනුවත් කිරීමට නියමිතව ඇත.

එමෙන්ම මෙම දැනුවත් කිරීම් මාලාවේ පළමු අදියර ලෙස සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන් ලබන නොවැම්බර් 12, 13 යන දෙදින තුළ කලාප කාර්යාලයන්හි දී දැනුවත් කරන බව සඳහන්.

එමෙන්ම වැඩසටහනේ දෙවන අදියර නොවැම්බර් 19 ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහිදී සියලුම පාසල්වල මාසික ගුරු රැස්වීම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා ම සංවිධානය කිරීමට නියමිත බව වාර්තා වේ.

රක්ෂිත බන්ධනාගාරයේ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම්

රක්ෂිත බන්ධනාගාරයේ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම්

අවසාන ලෙස එළඹෙන 30 සිට දෙසැම්බර් 04 දක්වා සතියක කාලයක් දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා වෙන් කෙරෙන අතර පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගෙන සුදුසු දින ගණනක් යොදා ගනිමින් පාසලේ සියලුම දරුවන්ගේ දෙමව්පියන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම ජාතික පුහුණු වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.ඒ.වී.එස්. එදිරිසූරිය, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය බී.ජී. දයාරත්න, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් සුභාෂිණී දෙමටගොඩ, මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ, මහාචාර්ය ප්‍රියංගනී සේනානායක ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළ විෂය ක්ෂේත්‍රයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ සම්පත්දායකත්වයෙන් පැවැතුණා.

රත්තරන් ගන්නයි උකස් කරන්නයි හිතපු හැමෝම හොයපු අද රන් මිල - ඊයෙටත් වඩා මිල අඩු වෙයි

රත්තරන් ගන්නයි උකස් කරන්නයි හිතපු හැමෝම හොයපු අද රන් මිල - ඊයෙටත් වඩා මිල අඩු වෙයි