රටම මඟ බලපු විභාග ප්‍රතිපල නිකුත් වෙයි - රාජ්‍ය සේවය ගැනීම ආරම්භයි - සම්මුඛ පරීක්ෂණයට දිනයත් නිකුත් වෙයි
අධිකරණ කළමනාකරණ සහකාර සේවයට අයත් අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය නිවේදනය කරන්නේ පසුගිය ඔක්තෝබර් මස 17 වන දින පැවැත්වුණු මෙම විභාගයේ ප්‍රතිඵල අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස පරීක්ෂා කරගත හැකි බවයි.
මේ අතර, අදාළ බඳවා ගැනීමට නියමිත සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් මස 22 වන දින (ඉරිදා) දින පෙරවරු 9.00 සිට කොළඹ 12, මහාධිකරණ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.