පොලිසියත් ගේමට බහියි - අනුරාධපුර හොල්ලපු බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් පස් නමකට වැඩ වරදියි - අධිකරණයෙන් නියෝගයක්
අනුරාධපුර පූජා නගර නව සැලැස්මට විරෝධය පළ කරමින් සහ එම නව පූජා නගර නව සැලැස්ම ඉවත් කර ගන්නා ලෙසට රජයට බල කරමින් අනුරාධපුර පුද බිමේ රුන්වැලි මහසෑ චෛත්‍ය පරිශ්‍රයේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුඑ භික්ෂූන්වහන්සේ පස් නමකට එළඹෙන 20 වැනි දින අධිකරණය හමුවෙි පෙනී සිටින ලෙසට නියෝග කරමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද (09) දින සිතාසි නිකුත් කර ඇත.
ඒ අනුව මෙසේ සිතාසි නිකුත් කර ඇත්තේ බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිලිමතලාවෙි රේවත සහ දෙණියායේ සෝරත යන සත්‍යගහ්‍රයේ නිරත භික්සූන්වහන්සේ පස් නමට බව සඳහන්.
එසේම මෙම කරුණු ඉදිරිපත් වුයේ, බලංගොඩ කස්සප හිමියන් ඇතුඑ භික්ෂූන්වහන්සේ පස් නමට සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයෙන් ඉවත් වන ලෙසට අධිකරණය මීට පෙර ලබාදී ඇති තහනම් ආඥාව ඉවත් කර ගැනීමට අඳාළ හිමිවරුන් වෙනුවෙන් නීතිඥයින් මෝසමක් මගින් අද (09) දින මෙම සිද්ධිය නැවත කැඳවූ විටයි.
එහිදී සත්‍යග්‍රහයේ නිරත භිකෂූන්වහන්සේ වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥවරුන් වන සමන් ගලප්පත්ති සහ කාලිංග රවින්ද්‍ර කාලිංග දැනුම් දී ඇත්තේ, සිය සේවාදායක භික්ෂුන්වහන්සේට එරෙහිව පසුගිය (07) දින අනුරාධපුර පොලිසිය අධිකරණයෙන් තහනම් ආඥාවක් ලබා ගෙන ඇත්තේ අධිකරණය නොමඟ යවමින් බවයි.
එසේම සත්‍යග්‍රහය පැවැත්වෙන්නේ රුවන්වැලිසෑ මළුවේ නොව දන්සැල් භූමියේ බවට අවධාරණය කළ නීතිඥවරුන් එමඟින් මහජනතාවට කිසිදු බාධාවක් ඇති නොවන බවද පවසා ඇත.
එබැවින් රුවන්වැලි මහසෑ භූමියෙන් සහ ජය ශ්‍රි මහ බෝධි භූමියෙන් සහ අනුරාධපුර පුද බිමෙන්ම භික්ෂූන්වහන්ස්ට ඉවත් වන ලෙසට අධිකරණයෙන් තහනම් ආඥාවක් ලබා ගත්තේ නිරාගමික පොලිසියකින් දැයි ප්‍රශ්න කළ නීතිඥවරුන් අධිකරණය නොමග යවමින් ලබා ගෙන ඇති තහනම් ආඥාව තුළින් පොලිසිය මෙරට ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇති බවට චෝදනා කර ඇත.
පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්
ඒ හේතුවෙන් තම සේවාදායක භික්ෂූන්වහන්සේට එරෙහිව පනවා ඇති තහනම් ආඥාව විසුරුවා හරින ලෙසද නීතිඥවරුන් ඉල්ලා සිටි බව සඳහන්.
මේ අතර පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රුක්මල් රත්නායක, ප්‍රශ්නගත සත්‍යග්‍රහය තුළින් පැහැදිලිවම මහජනාවට පීඩාවක් ඇති වන බවට විමර්ශනවලදී නිර්ක්ෂණය වූ බව ප්‍රකාශ කර ඇත.
එමෙන්ම සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයෙන් ඉවත් වන ලෙසට පසුගිය (07) දින අධිකරණය ලබා දුන් ආඥාවට සත්‍යග්‍රහයේ නිතර බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන්වහන්සේ අවනත නොවු බව කියා සිටි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂවරයා, එබැවින් සත්‍යග්‍රහයේ නිතර භික්ෂූන්වහන්සේට අධිකරණය හමුවෙි පෙනී සිටින ලෙසට නියෝග කරන ලෙස ද ඉල්ලා ඇත.
සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්
තවද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන්වහන්සේ සමඟ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයේ සිටිමින් කලහකාරි ආකාරයට හැසිරී පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය පානයට හුරු වූ සහ අත්අඩංගුව ගන්නා අවස්ථාවේද එම මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිය අධිකරණ වෛද්‍ය පරික්ෂණයේදී තහවුරු කර ඇති බවයි.
ඒ අනුව දෙපාර්ශවයේ කරුණු සැළකිල්ලට ගත් අධිකරණය, සත්‍යග්‍රහයේ නිරත බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන්වහන්සේ පස් නමට මෙම මස 20 දින අධිකරණය හමුවෙි පෙනී සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කර ඇත.
එසේම පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර පොලිස් අධිකාරි (1) චානක අබෙිසිරි ගුණවර්ධන සමඟ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රුක්මල් රත්නායක, පොලිස් පරික්ෂක එච්. එම්. හේරත්, උප පොලිස් පරික්ෂකවරුන් වන එච්. නන්දසේන, ඒ. සී. දයානන්ද සහ ලලිත් සහ පොලිස් කොස්තාපල් රතනායක යන නිලධාරින් පෙනී සිටි බව සඳහන්.