අලි මිනිස් ගැටුමට විසඳුම් සොයන හස්ති සේනා මෙහෙයුමට අලුත් වෙනසක් සිදුකිරිමට රජයෙන් තීරණයක්

Report

වල් අලි සහ දළ ඇතුන් ආරක්ෂා කිරීම මෙන්ම අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘හස්ති සේනා’ ඒකාබද්ධ මෙහෙයුම විධිමත් ප්‍රතිපත්ති හා නීතිමය රාමුවක් යටතේ පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිත බව පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (09) පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී ඇත.

නියෝජ්‍ය පරිසර අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම්වරයා සහ මෙහෙයුමට සම්බන්ධ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වී තිබේ.

මෙහිදී මෙහෙයුම තවදුරටත් පුළුල් කිරීම සහ විශේෂයෙන් අවදානම් සහිත වනජීවී කොරිඩෝ හා අලි සංක්‍රමණික මාර්ග ඔස්සේ ගමන් කරන දළ ඇතුන් සහ අලි රංචු ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන සේවාවන් රැසක් පුළුල් වෙයි - මේ දේවල් කර ගන්න වේලාවක් වෙන්කරගන්නා ක්‍රමය මෙන්න

මෝටර් රථ ප්‍රවාහන සේවාවන් රැසක් පුළුල් වෙයි - මේ දේවල් කර ගන්න වේලාවක් වෙන්කරගන්නා ක්‍රමය මෙන්න

ඒ අනුව, අවදානම් සහිත ප්‍රදේශවල තනිව ගමන් කරන දළ ඇතුන් සහ අලි රංචු නිරීක්ෂණය කරමින් ඔවුන්ට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂිත හමුදා ආරක්ෂක කණ්ඩායම් යෙදවීමේ යෝජනාවක් ද ඉදිරිපත් වී තිබේ.

එමෙන්ම, අලි ඇතුන් ඝාතනය කිරීමට හෝ තුවාල කිරීමට යොදාගන්නා නීතිවිරෝධී ආයුධ සහ උගුල් නිෂ්පාදනය, බෙදාහැරීම හා භාවිතය වැළැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු තීව්‍ර කිරීමට ද මෙහිදී අවධානය යොමු කර ඇත.

විශේෂයෙන් හක්කපටස්, තුවක්කු උගුල් සහ නීතිවිරෝධී ගිනිඅවි භාවිතය මැඩලීම සඳහා බුද්ධි තොරතුරු මත පදනම් වූ වැටලීම් හා මෙහෙයුම් සිදුකිරීමට ද යෝජනා වී තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ‘හස්ති සේනා’ මෙහෙයුමේ අරමුණ වන්නේ අලි ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත්, වර්ධනය වෙමින් පවතින අලි-මිනිස් ගැටුමට පිළියම් යෙදීමත්ය.

දහස් සංඛ්‍යාත පිරිසක් හෙට කොළඹ වටලන්න සූදානමක් - එළැඹෙන පැය 48 තීරණාත්මකයි

දහස් සංඛ්‍යාත පිරිසක් හෙට කොළඹ වටලන්න සූදානමක් - එළැඹෙන පැය 48 තීරණාත්මකයි