යළිත් ගංවතුර තත්ත්වයක් - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ රියදුරන්ට විශේෂ නිවේදනයක්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් අත්තනගලු ඔය ආශ්‍රිතව ඉදිරි කාලයේදී ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව සඳහන් කරයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති වූ බවයි.

එසේම බස්නාගොඩ ජලාශයේ පිටවාන් දොරටු මඟින් ජලය නිකුත් කිරීම ආරම්භ කිරීම නිසා අත්තනගලු ඔයෙහි ජල මට්ටම වැඩිවෙමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇති බව සඳහන්.

රත්තරන් ගන්නයි උකස් කරන්නයි හිතපු හැමෝම හොයපු අද රන් මිල - ඊයෙටත් වඩා මිල අඩු වෙයි

රත්තරන් ගන්නයි උකස් කරන්නයි හිතපු හැමෝම හොයපු අද රන් මිල - ඊයෙටත් වඩා මිල අඩු වෙයි

එබැවින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි කාලයේදී දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අන්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධව එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ එම ප්‍රදේශවල මාර්ග භාවිත කරන රියදුරන්ද දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

රක්ෂිත බන්ධනාගාරයේ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම්

රක්ෂිත බන්ධනාගාරයේ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම්