හරියට වාහන නඩත්තු නොකිරීම නිසා මාරාන්තික රෝග රැසක් මතු වෙයි.

Sri Lanka Ministry of Health Sri Lanka
By Wayomi Dec 31, 2022 06:33 AM GMT
Wayomi

Wayomi

Report

වාහන නියමිත පරිදි සර්විස් නොකිරීම හා නඩත්තු කිරීම් නිසි වේලාවට නොකිරීම නිසා මෙරට වායු දූෂණය ඉහළ යාමේ නව ප්‍රවණතාවක් මතුව තිබෙනවා.

නවතම පරීක්‍ෂණයකින් හෙළිවී ඇත්තේ, මේ හේතුවෙන් කුඩා දරුවන්, ගැබිනි මවුවරුන්, පෙනහලු ආශ්‍රිත නිදන්ගත රෝගීන් මෙන් ම හදවත් රෝගීන් දැඩි අවදානමකට ලක් වන බවයි.

විශේෂයෙන් ඔයිල්, ෆිල්ටර් ඇතුළු වාහන අමතර කොටස් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බොහෝ වාහන හිමිකරුවන් නිසි වේලාවන්හිදී වාහන නඩත්තු කිරීම හා සර්විස් කිරීම ප්‍රමාද කිරීම මීට හේතු වී තිබෙනවා.

මින් වැඩි බලපෑමක් ඩීසල් වාහනවලින් සිදු වන බවත්, විශේෂයෙන් බස්, ලොරි නිසා මෙම වායු දූෂණය වේගවත් වී ඇති බවත් සඳහන්.

මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා නව වසරේ විශේෂ වැටලීම් කිහිපයක් සිදු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW