සහල් මිල තවත් ඉහළට..? ඉදිරියේදී විශේෂ තීරණයක්..
price
rice
Polonnaruwa
Suraj Jayawickrama
By Sewvandhi
ඉදිරියේ දී සහල් කිලෝවක් තවත් රුපියල් 25කින් පමණ ඉහළ යා හැකි බැවින් රජය සහල් සඳහා පාලන මිලක් ගෙන ආ යුතු බව ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
මේ අතර උසි ගැන්වීම්වලට හසු නොවී කුඹුරට බැස වගා කටයුතු සඳහා එක්වන ලෙස ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
වෙළඳපලේ සහල් මිල මේ වනවිට ජනතාවට දැරිය නොහැකි මට්ටමක පවතිනවා. සෑම වර්ගයකම සහල් කිලෝවක මිල රුපියල් 100 ඉක්මවා ඇති අතර, එවන් තත්වයක් මත ඉදිරියේ දී සහල් මිල තවත් ඉහළ යා හැකි බවයි ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම පොළොන්නරුවේදී ඊයේ (17) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ.
------------------------------------------------------
'මහින්දානන්ද' අදත් ගුටිකයි! ඇලහැර ගොවීන් වගා කන්නය අත්හැරීමට යයි-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |