අනිත් අයගෙ ඉරිසියාව නිසා පීඩා විඳපු අවස්ථා ඕනි තරම් තියෙන රංගන ශිල්පිනී මනෝජා (PHOTOS)
තරුණ මහලු සියහ්ලු දෙනා ආදරයෙන් වැලඳගත් ටෙලි නිර්මාණයක් වූ පොදු නාට්‍යයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ඇය නමින් මනෝජා ප්‍රනාන්දු.අද වන විට ප්‍රේක්ෂකයන්ගේ හදවත් වලට නැඹුරු වී සිටින නවක රංගන ශිල්පිනියක් ලෙස ඇයව අපට හඳුනා ගන්න පුළුවන්.
ටෙලිනාට්‍ය වලින් පමණක් නොවෙයි අද වන විට නිස්සාර,රාධාවනි, මතක වගේ ගීත රූප රචනා වලින් ද ඇයව අපට හමු වෙනවා. අනර්ඝ රංග කෞශල්‍යය හේතුවෙන් මෙන්ම මනබඳින රූ සපුවකින් ද හෙබි මනෝජා නර්තනය හදාරපු කෙනෙක්. නර්තනයත් සමඟම රංගනයත් විෂයක් ලෙස හදාරා මනා දැනුමක් ඇතිව රංගන ක්ෂේත්‍රය ඔස්සේ ගමනක් යෑමට ඇය සූදානම් බවයි පවසා සිටින්නේ.
කෙසේ වෙතත් පොඩිකාලයේ රංගනයට තිබුණු හිතේ කැමැත්ත වයසින් වැඩිවන විට තිබුනෙ නෑ කියලා තමයි කියන්නේ. කොහොම වුණත් අවසානයේ ඇය නැවතිලා තියෙන්නේ ම පුංචි කාලේ හිතේ තිබ්බ ආසාව ළඟලු. මනෝජා රංගන ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වෙන්නෙ මියුසික් වීඩියෝ වලින්. පස්සේ තමයි සිනමාවට සම්බන්ධ වෙන්නේ මුලදී නම් ඇය හිතලා තියෙන්නේ ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නෑ කියලා ඒත් කොවිඩ් වසංගතය නිසා ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වෙන්න ඇය තීරණය කරලා තියෙනවා.
මනෝජා ගේ මුල්ම ටෙලිනාට්‍ය තමයි ‘පානාමංකඩ’. දැවැන්ත නිර්මාණයක් වන ‘පානාමංකඩ’ නාට්‍යයේ ගැමි චරිතයකට තමයි මනෝජා රංගන දායකත්වය දෙන්නෙ.නමුත් පසුව රඟපාපු ‘පොදු’ නාට්‍යයෙන් තමයි ඇය මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන්නේ. මනෝජා කියන්නේ හැම කලා නිර්මාණයක් ම බාරගන්නෙ නෑ කියලා එයට හේතුව ලෙස ඇය කියා සිටින්නේ නිතර නිතර එක දිගට පෙනෙන්න ඉන්නකොට ඉක්මනින් ප්‍රේක්ෂකයන්ට එපා වෙනවා කියලා.
ඒ නිසා හැම වැඩේටම සම්බන්ධ නොවී තෝරාගත් නිර්මාණ සඳහා පමණක් රංගනයෙන් දායක වෙනවා කියලා තමයි ඇය කියන්නේ. ඒ වගේම තෝරාගත්ත නිර්මාණ කිහිපයක් තුළ මතක හිටින හොඳ දෙයක් කරන්න කැමතියි කියලත් කියනවා. කොහොම වුණත් මේ තෝරා බැලිල්ල නිසා ඇය සමහර අයගෙන් බැනුම් අහල තියෙනවා ලොකු කම කියලා.
ඒත් ඉතිං ඇයට ඕන ලෙස තමයි තෝරා ගැනීම් කරන්නේ. ඇයගේ නිර්නායක වලට ගැලපෙන නිර්මාණයක් ලැබුණොත් ඇඳුම් පැළඳුම් හෝ විවේචන ගැන හිතන්නේ නැතුව සිපගැනීමේ දර්ශනයක් වුවත් කරන්න පසුබට වෙන්නේ නැහැ කියලා තමයි රංගන ශිල්පිනියක් ලෙස මනෝජා පවසා සිටින්නේ. ඒත් සමගම ඇය සඳහන් කරන කාරණාවක් තමයි ඇය කුඩා කාලයේදී ඇයගේ සම වයස් අයට තමන් ආදරය කරන කෙනෙක් ආදරේ කරනකොට ඉරිසියාවක් දැනුන කියන කාරණාව.
නමුත් අද වෙන විට නම් බොහෝ දෙනෙක් ගේ ඉරිසියාව නිසා ඇය පීඩාවට පත්වන අවස්ථාවලුත් තිබුණ කියන කාරණය මතක් කරනවා. කලකිරීම් ගැනත් කතා කරද්දී ඇය නර්තනයේ යෙදෙන කෙනෙක්.අවුරුදු 4ක් පමණ නර්තන කණ්ඩායමක් සමඟ සම්බන්ධ වෙලා තිබෙනවා.
එහිදී ගත කරපු කාලය අපරාධයක් කියලා තමයි ඇය විශ්වාස කරන්නේ. ඒත් සමගම ජයග්‍රහණ ගැන කතා කරන විටත් පාසල් කාලයේදී ජයග්‍රහණ ලබල තියෙන අතරම නොලැබුණු දේවලුත් තියෙන බව සඳහන් කරනවා. මනෝජා ප්‍රනාන්දු කියන චරිතය කවුද කියන කාරණාව ඇය සඳහන් කරන්නේ ඇතැම්විට අසාධාරණය අයුක්තිය සහ කුහකකම දකින අවස්ථාවන් වල දී තරමක් ආවේගශීලී වෙලා කටයුතු කරන බව. එහෙම නැත්නම් සාමාන්‍ය චරිතයක් විදියට තමයි සඳහන් කරන්නේ.
කොහොම වුණත් ඇගේ රංගන ජීවිතයේ කලා කටයුතුත් සමබර ලෙස පෞද්ගලික ජීවිතයේ කටයුතු කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.




