හමුවූ පුපුරන ද්‍රව්‍ය පිළිබඳ රහස් රැසක් එළියට..

By Sithumi Nov 20, 2021 03:13 PM GMT
Sithumi

Sithumi

Report

මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (20) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධි වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු තොගයක් සඟවා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. 

 වෝටර් ජෙල් (Water Gel) නැමති එම පුපුරණ ද්‍රව්‍ය කූරු 7,990ක් සැකකරුවන් සතුව තිබි හමුව තිබේ. එම පුපුරණ ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝ 998 ග්‍රෑම් 750ක් බව සඳහන් වේ. 

 මෙම පුපුරණ ද්‍රව්‍ය නීති වි‍රෝධීව මසුන් ඇල්ලීම සඳහා යොදා ගැනීමට මෙලෙස සඟවා තබන්නට ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 57 වයස් වල පසුවන මන්නාරම ශාන්තිපුරම් සහ වංකාලේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ. ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදාව සහ මන්නාරම පොලීසිය මඟින් සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now