ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන ආකාරය ගැන දැනුම්දීමක්..

Election Commission of Sri Lanka Anura Kumara Dissanayaka Sri Lanka Politician Janatha Vimukthi Peramuna
By Aruna Apr 06, 2024 04:24 AM GMT
Aruna

Aruna

Report

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට පෙර පවත්වන්නේ කුමන මැතිවරණය දැයි රජය ප්‍රකාශ කළ යුතු බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

ලාල්කාන්ත මහතා චෝදනා කළේ, ආණ්ඩුව මැතිවරණ තුනක් අල්ලාගෙන සූදු කෙලින බවටයි.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හා ජනතාවට දෙන සහන කුමක්දැයි ජනතාව දැනටමත් විමසමින් සිටින බවද පැවසූ ඔහු මුලින්ම එන මැතිවරණය කුමක්දැයි පැවසූ පසු නාමයෝජනා ලබා දී ඉන් අනතුරුව පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටට ඉදිරිපත් කරන බව ද ප්‍රකාශ කළේ ය.

ඒ මහතා කියා සිටියේ, පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරණය හා මහ මැතිවරණය යන මැතිවරණ තුනම පැවැත්විය යුතුව තිබෙන බවත්, රජය මුලින් පවත්වන මැතිවරණය කුමක්ද කියා නොපවසන්නේ ඔවුන්ගේ ජයග්‍රහණය අවිනිශ්චිත නිසා බවයි.

රටතුල ඇති ආර්ථික දේශපාලන හා සමාජයීය වටපිටාව අනුව මාලිමාවේ ප්‍රතිපත්තිය මේ වන විට සකසා ඇති අතර එමඟින් ජනතාවට ලබා දිය හැකි සහන ක්‍රමවේද සහ ඔවුන්ගේ ඉදිරි දියුණුවට කරන සැලසුම්ද සියල්ල අඩංගුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියා.