"මූ අක්කා කෙනෙක් ලව්වා මට කතා කරලා අට දාහක් ඉල්ලවනවා".. උශාන් Vlogs එක්ක මනේජ් සංජය ඇතිකරගත් ගැටුමට මනේජ් ගෙන් පිළිතුරු..
වර්තමානයේ සමාජ මාධ්‍ය තුල දකින්න ලැබෙන ප්‍රධන කාරණයක් තමයි සමාජ මාධ්‍ය භාවිතා කරල දුක මාකට් කරල මුදල් ඉපයිම.
අසරණ මිනිස්සු විකුණගෙන තවත් කෙනෙක්ගේ සල්ලිවලට වංචා කරනවා නම් ඒක කවුරු කාට කළත් අනුමත කරන්න නම් බෑ..
ඒත් අන්තිමට වැරැද්ද පෙන්නලා දෙන කෙනාම තනිවෙලා වැරදි කරපු අයත් එක්ක හැමෝම එකතු වුණොත්.
ඒක කාට කොහොම වුණත් හුගාක් අයට වෙන අසාධාරණය වෙනුවෙන් කතා කරපු කෙනෙක්ට නම් ටික හිතට තදින් දැනෙන දෙයක් ..
ඒ බව මනේජ් තමන්ගේ ෆේස්බුක් ගිනුමට විඩියෝවක් එක්කරලා තිබ්බ සටහනෙන් හොඳින්ම තේරෙනවා...
ඊට අදාල ඒ සම්පූර්ණ සටහන පහතින්, "
..දැනට මට බනින උන් බැනපල්ලා..
කාළයක් යද්දි උඹලට තේරෙයි.. උඹලගේ වෝට් එකෙන් ආපු මම අද ස්ටේජ් උඩ සින්දු කියලා මගෙ මහන්සියෙන් හම්බු කරන්නේ උඹලගේ වෝට් එක නිසා..
බින්දුවට පහළ ඉඳන් ආපු මට මේ අසරණ මිනිස්සුන්ගේ දුක තේරෙනවා..
ඒ මිනිස්සුන්ව කැමරාවක් ඉස්සරහ අසරණ කරලා මුදල් ගරන ජාවාරමටයි මම විරුද්ද උනේ.. තවත් ඒ මෝඩ වැඩේ මම කරන්නේ නෑ..
මොකද වරද පෙන්නන එකාගෙ නෙමෙයි වරද කරන එකාගේ පැත්තෙයි ගොඩක් උන්.. අසරණකම වීඩියෝ කරලා උගේ පෝන් නම්බර් දාලා , උන්ගේ එකවුන්ට් නම්බර් වලට සල්ලි දාගෙන අසරණ මනුස්සයා විකුනගෙන කන එකටයි මම විරුද්ද උනේ..
දැන් ගිහින් බලපන් මගේ කෑගැහිල්ලට හොරු ඔක්කොම තම්න්ගේ පෝන් නම්බර් පෝස්ට් වලින් අකුලගෙන.. Edit history බලපල්ලා..
ඒකෙන්ම තේරෙනවා නේ බොරුවක් කලේ කියලා. තවත් උඹලා වෙනුවෙන් මම පෙනී ඉන්නේ නෑ. ලංකාව තව දුරටත් රැවටෙන අහුවෙන මිනිස්සු ඉන්න රටක් බව ඔප්පු කරන්න තව සාක්ෂි මොකටද?
මම කතා කලේ රුපියල් මිලියන ගනනි සිද්දවෙන මේ වන්චාවට. ඒක උඹලට ගානක් නෑ වගේ. අතපය හතරක් දීලා තීන්නෙ හම්බුකරන් කන්න.
ඔය අටදාහේ ප්‍රශ්නේ. මූ අක්කා කෙනෙක් ලව්වා මට කතා කරලා අට දාහක් ඉල්ලවනවා. රෙකෝඩින් දාන්න කියහන්.
මම පැහැදිලිව කිව්වා මම සල්ලිකාරයෙක් නෙමෙයි මම උපයන මුදලින් එහෙම සල්ලි බෙදන්න මම සල්ලිකාරයෙක් නෙමෙයි කියලා.
අනික එහෙම කෝල් අරන් සල්ලි ඉල්ලපු පලියට ඉල්ලපු ගමන් සල්ලි දෙන්න අපි බූරුවොද? මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන උනුත් බොරුවට කතා කරලා සල්ලි ඉල්ලනවා.
මම දුන්නේ නෑ. මම මහන්සියෙන් උපයන එක රුපියලත් මට වටිනවා සහ ඒක මම දෙන්නේ හරියටම නිවැරදි උදව් අවශ්‍ය කෙනෙකුට.. ඒවට වීඩියෝ මම දාන්නෙත් නෑ ..
එහෙම මිනිස්සුන්ට සල්ලි දීලා වීඩියෝ කරලා දාන්න තරම් මම පහත් මට්ටමෙත් නෑ.
යථාර්තය තේරුම් ගනිල්ලා මේ දෙන්නේ වැරදි ආදර්ශයක් මේක බලන උඹලගේ නංගි මල්ලි දුව පුතා තව ටික දවසකින් කැමරාවක් අරන් මේක මරු ජොබ් එක කියලා මේ හොරකම කරන්න ගත්තොත් හිතපල්ලා තවත් මම උඹලට මේ ගැන කියන්නේ නෑ.."
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |