ළඟදී විවාහ වෙන්න සුදානම් වෙන මානිශාගේ සහ කලිදු කළ අලුත්ම ෆොටෝ ශූට් එක. (PHOTOS)
ආදරය කියන්නේ පිවිතුරු හැගීමක්. ආදරය නැතිව මේ ලෝකේ කාටවත් ජිවත් වෙන්නබැහැ. ආදරය නිසාම් අතමයි හැමෝම ජිවත් වෙන්නේ. සුන්දර වූ ආදරණිය හැගීම පෙරටු කරන ආදරය කරන හැමෝම හදුනන ආදරණිය චරිත දෙකක් ගැන තමයි මේ කියන්නේ. ඒ තමයි මනිෂා චන්චලා දුනුකාර සහ කලිදු කරුණාරත්න.
මේ පෙම් කතාව දැන් ලංකාවේ අයට රහසක් නෙවෙයි. මේ ප්‍රේම කතාව ගැන හැමෝම වගේ දන්නවා.මනිෂා වගේම කලිදුත් මෙරටේ ඉන්න ජනප්‍රියම තලයේ චරිත දෙකක්. මනිෂා කියන්නේ මේ වෙද්දී තාරුණ්‍යය නියෝජනය කරන අති දක්ෂ නිලියක්.
ඇය පෙම්වතියගේ චරිත තුලින් බොහෝ විට දැකගන්න් ලැබෙනවා. ඒ වගේම දක්ෂ නිවේදිකාවක්. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් වීමට ප්‍රථම හමුවන්නේ ගායිකාවක් ලෙසින් ඒ තමයි දෙරණ ලිට්ල් ස්ටාර් වැඩ සටහන තුලින්. ඇය ගායිකාවක් ලෙසින් තමයි ආදරණිය ප්‍රේක්ෂකයා අතරට එන්නේ. අදටත් ඇය දක්ෂ ගායිකාවක් ලෙස කටයුතු කරනවා.
ඇයගේ ගීත වලට බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ඇගේම ඇය නරතනයටත් දස්කම් දක්වනවා. කලිදු කරුණාරත්න මේ නම නිතරම වගේ රුපවාහිනියේ අසන්නට දකින්නට ලැබෙනවා.ඔහු මෙරට සිටින අති දක්ෂ වගේම ජනප්‍රියම තලයේ සිටින ප්රවෘත්ති නිවේදකයෙක්.
ඔහුගේ හඩ මෙරට මහජනතාවට නුහුරු පුරුදු හඩක් නෙවෙයි. ඔහුට ප්‍රේක්ෂකයින් බොහෝ සේ ආදරය කරනවා. තාරුණ්‍යය නියෝජනය කරන ඔහු කඩවසම් තරුණයෙක්. tv දෙරණෙහි වැඩ කරන සැබෑම දක්ෂයෙක් තමයි ඔහු.දෙරණ හරහා තමයි ඔවුන් දෙදෙනාගේ මුණ ගැසීම සිදුවෙන්නෙත්.
එතැන් පටන් ප්රවෘත්ති නිවේදක කලිදු සහ රංගන ශිල්පී මනිශාගේ ආදරය දළුලා වැඩෙනවා. ලගදීම මේ දෙදෙනා විවාහ වෙන්න සුදානම් වෙනවා කියන සුබ ආරංචියක් අසන්නත් ලබෙනවා. එහි ඇත්ත නැත්ත හරියට දන්නේ නැහැ. මේ දෙදෙනා මංගල ඇදුම් වලින් සැරසුණු චායාරූපයක් ඔවුන් සමග මාධ්‍යට එක්කර තිබුනා. මනිෂා එය එක්කර තිබුනේ මනාලියගේ දිනපොතින් කියා.
දෙවැනි මනාලියක සහ දෙවැනි මනාලයෙකු ලෙස සැරසුණු චයාරුපයක් ලෙසින් තමයි අපට නම් එය නෙත ගැටුනේ. කොහොම නමුත් මේ දෙදෙනාගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
_____________________________________________________
You may like this video 👇
ජනප්‍රිය නර්තන ශිල්පිනී අසේකට කෝටිපති කතා දුන්නා අමතක නොවන සර්ප්‍රයිස් මැරේජ් ප්‍රපෝසල් එක.
ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්නJoin now |