අනියම් පෙමට යෙදූ උපාය වැරදි සිදුවුණු විනාශය

news Gossip
By Sithumi Jan 22, 2022 05:56 PM GMT
Sithumi

Sithumi

Report

සැමියාගෙන් වෙන්ව හුදකලාව විසූ මැදිවියේ කාන්තාවකට ආලවන්තකම් පාන්නට යෙදූ උප්පරවැට්ටියක් මාට්ටුවී පොලිස් කූඩුවේ ළැගීමට සිදුවූ පුද්ගලයකු පිළබඳ පුවතක් වාර්තාවේ වාර්තා වන අන්දමට ඇය සිය සැමියාගෙන් වෙන්ව හුදකලාව වුවත් නම්බුකාර ලෙස ජීවත්වූ මැදිවියේ පසුවූ කාන්තාවකි

. දරු මුණුපුරන් සිටින මැදිවියේ විවාහකයෙක් වූ මෙම පුද්ගලයා ගම්මුන් පවසන ආකාරයට තෙවැනි හා පස්වැනි සිල්පද නිතරම කඩන්නෙකි. කලක පටන් පෙරකී කාන්තාවට ඇල්ම බැල්ම දාගෙන සිටි මොහු කිහිපවිටක්ම ඇයගේ පහස ලබන්නට උත්සාහ ගත්තත් නම්බුකාර ලෙස ජීවත් වූ ඇයගෙන් ඊට කිසිදු අනුබලයක් ලැබුණේ නැත.

කිහිපවරක්ම ඇය හමුවී ඔහුගේ යෝජනාව ඉදිරිපත් කළත් ඇය සිනහමුසු මුහුණින් එය බැහැරකළේ තමාගේ හා එම පුද්ගලයාගේද ආත්ම ගරුත්වය පිළිබඳ සිතමිනි. රාත්‍රී කාලයේදී කුඹුරේ වතුර බැඳීමට ගොස් ආපසු එන අතරතුරදී කීපවිටක්ම හෙතෙම ඇයගේ නිවසේ දොරට තට්ටු කර එය ඇර ගැනීමට උත්සාහ කලත් කාන්තාවගෙන් ඊට හොඳ ප්‍රතිචාරයක් නොලැබිණි

. දින කිහිපයක්ම කළ උත්සාහයන් ගඟට කැපූ ඉනි සේ වෙද්දි ඇයගේ නිවෙසේ දොර විවර කර ගැනීමට ඔහු අපූරු උපායක් යෙදුවේය. ගමේ ගොනුන්ගේ ගෙල බඳින ටකයක් සොයාගත් ඔහු දිනක් රාත්‍රියේ එය හඬවමින්, ගවයෙකු සේ තප්පු ලමින් ඇගේ නිවස වටා කැරකෙන්නට වූවේ උපාය ක්‍රියාවේ යොදවමිනි. එම උපාය සාර්ථක විය. ඇය ලාම්පුවක් ද අතැතිව නිවසේ දොර විවර කර එළියට බැස්සේ

“මේ හරක් මගේ මයියොක්කා ගස් ටික කන්න අදත් ඇවිදින්” යැයි කියමිනි. මේ අතර නිවස ඉදිරිපස සැඟවී සිටි මොහු වෙර යොදා කාන්තාව බදාගත්තේ ඇයට සෙලවීමට පවා ඉඩක් ලබා නොදෙමිනි. නමුත් ශක්තිවන්තියක වූ ඇය ඔහුව තල්ලු‍‍ කොට නිවසට වැදී දොර වසා ගත්තේ කලක් හිතේ සඟවාගෙන සිටි අමු සිංහල වදන් කීපයකින්ද සංග්‍රහ කරමිනි.

පසු දින ඔහුට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක්ද වැටිණු අතර ඔහුට දින කිහිපයක් පොලිස් කූඩුවේ කූරු ගැනීමටත් උසාවියට ගෑටීමටත් සිදුවූවේ සල්ලාලකමට දඬුවමක් ලෙසිනි.


ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now