ගාල්ල වෙඩි තබා ඝාතනය කල සැකකරුවන් පැමිණි මෝටර් රථය හසුවේ [PHOTO]
ගාල්ල, දංගෙදර ඩික්සන් මංසන්ධියේ අද උදෑසන පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සැකකරුවන් පැමිණි රතු පැහැති මෝටර් රථය සොයාගෙන ඇත. ඒ දඩල්ල ප්‍රදේශයේ කනත්තක් අසළ දමා ගොස් තිබියදීයි.
පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ අහංගම, වැල්හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්ය.
ඔහු මුදල් පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක නිරතව සිටි අයෙකු බවද පොලිසිය පවසයි. පොලිසිය සැකකරන්නේ මුදල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇති බවටයි.
