සත්තු වගේ - සහෝදරයව තියුණු ආයුධයෙන් ගහලා මරලා

Report

කුරුණෑගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ.

මෙලෙස පහර දීමෙන් අනතුරුව බරපතළ ලෙස තුවාල ලැබූ එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කළ නමුත් මිය ගොස් ඇති බව වාර්තා වේ.

පහරදීමෙන් මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පැපොලේවෙල, කුඩා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

ලංකාවට විරුද්ධව ඉන්දියාවෙ විරෝධතාවක්

ලංකාවට විරුද්ධව ඉන්දියාවෙ විරෝධතාවක්

මියගිය පුද්ගලයා තම සහෝදරයාගේ නිවසේ තවත් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටින අතරතුර සහෝදරයා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සහෝදරයා විසින් කඩුවකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

මෙහෙමත් තිරිසන්නු - උදැල්ලෙන් ගසා සංවර්ධන නිලධාරිනිය මරලා

මෙහෙමත් තිරිසන්නු - උදැල්ලෙන් ගසා සංවර්ධන නිලධාරිනිය මරලා