පුද්ගලයකුට ත්‍රී රෝද රථ රියදුරෙක් අමානුෂික ලෙස පහර ,දෙයි. (CCTV VIDEO)

By Sithumi Dec 25, 2021 01:19 PM GMT
Sithumi

Sithumi

Report

නත්තල් නිවාඩුවට ඥාති නිවසකට පැමිණි තරුණයෙකුට ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදුන් සිද්ධියක් වාර්තා විය. අවිස්සාවේල්ල සිට හැටන් දික්ඔය පොඩයිස් වතුයායේ ඥාති නිවසකට එම තරුණයා පැමිණ තිබුණේ අද (25) දින අලුයමය.

හැටන් නගරයේදී ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් විසින් ඔහුට පහරදී ත්‍රිරෝද රථයේ නංවාගෙන ගොස් යළි පහරදී තිබෙන බව අප වාර්තාකරු පැවසීය.

හැටන් නගරයේ සිට පොඩයිස් වතුයාය දක්වා ගමන් කිරීමට එම තරුණයා රුපියල් 600ක ගාස්තුවක් මත කුලි ත්‍රීරෝද රථයක් ගෙන තිබේ.

පසුව යළි හැටන් නගරය වෙත පැමිණි පසුව ත්‍රීරෝද රථ රියදුරා රුපියල් 1,800ක මුදලක් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතිවූ බහිස්බස්වීමක් මත මෙම පහරදීම සිදුවී ඇති බව වාර්තා වෙයි. පහරදෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි.  




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now