පුද්ගලයෙකු කපා කොටා මරා දමලා(PHOTOS)

murder kilinochchi sinhala news gossip news
By Aruna Nov 17, 2021 06:36 AM GMT
Aruna

Aruna

Report

කිලිනොච්චිය, ශිවපුරම් ප්‍රදේශයේදී කපාකොටා ඝාතනය කළ එක් දරුපියකුගේ මළ සිරුරක් අද (17) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

එලෙස ඝාතනය කොට ඇත්තේ කිලිනොච්චිය, පරන්තන්, ශිවපුරම් පදිංචි මුත්තයියා කේදීෂ්වරන් නැමති අවුරුදු 27ක කම්කරුවකු බවද පොලිසිය සඳහන් කරයි.

නිවස අසල මඩුවක් තුල නිදාසිටි මියගිය පුද්ගලයා කිසියම් පිරිසක් විසින් පෙරේදා රාත්‍රියේ කපාකොටා ඝාතනය කොට ඇති බවත් මියගිය පුද්ගලයාගේ සිරුරේ සහ මුහුණ ප්‍රදේශයේ කැපුම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන බවත් පොලිසිය පැවසීය.

ඝාතනය කොට ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පැවසීය.

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය දිසා රෝහලේ පැවැත්වීමට නියමිතය.

මේ අතර පනාමුර පොලිසියේ අත් අඩංගුවට පත් වී සිටිය දී පුද්ගලයෙකු මිය යෑම සම්බන්ධයෙන්, එම පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනෙකු වැඩ තහනමකට ලක් කර තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now


GalleryGallery
ReeCha