නවගමුවේ වෙඩිතැබීම පිටුපස රහස හෙළිවෙයි - සැලසුම්කරු කොටුවෙයි!

Report

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ජනවාරි 1 වැනිදා රාත්‍රියේ සිදුවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් වැදගත් කරුණු අනාවරණය කරගැනීමට පොලිසියට හැකිව තිබේ.

මෙම ප්‍රහාරයෙන් නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනා ඉලක්ක කර තිබූ අතර, එහිදී එක් පුද්ගලයෙකු මිය ගොස් අනෙක් දෙදෙනාට බරපතළ තුවාල සිදුව ඇත.

ජින්තුපිටියේ වෙඩිතැබීම අතරතුර ළමයි දෙදෙනෙකුටත් වැදිලා - සියල්ල CCTV කැමරාවේ

ජින්තුපිටියේ වෙඩිතැබීම අතරතුර ළමයි දෙදෙනෙකුටත් වැදිලා - සියල්ල CCTV කැමරාවේ

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණු අතර, ලැබුණු තොරතුරු මත බියගම පොලිස් වසමේ පේරගස්හන්දිය ප්‍රදේශයේදී මෙම අපරාධය සැලසුම් කිරීමට සහ ආධාර අනුබල දීමට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (16) සවස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 24ක බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.

විමර්ශනයේදී හෙළිව ඇත්තේ, විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙම වෙඩිතැබීම මෙහෙයවා ඇති බවයි.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

අනපේක්ෂිත දේවල්! මේ ලග්න හිමියන් දැඩි අවධානයෙන් ඉන්න

අනපේක්ෂිත දේවල්! මේ ලග්න හිමියන් දැඩි අවධානයෙන් ඉන්න