එල්ටීටීඊ පුහුණු කඳවුරක්? තොරතුරු පැතිරු පුද්ගලයා වහාම අත්අඩංගුවට

Report

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් මඟින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තහවුරු නොවූ අසත්‍ය කරුණු ඉදිරිපත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයපවසන්නේ ඊයේ (18) මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි. බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකරුවකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

වාහන හිමියන්ට දරුණු ප්‍රශ්ණයක් - වාහන අංක තහඩු ගැන දැනුම්දීමක්

වාහන හිමියන්ට දරුණු ප්‍රශ්ණයක් - වාහන අංක තහඩු ගැන දැනුම්දීමක්

සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වා ගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරීමට නියමිත අතර මොහු සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය හා පොලිස් ආඥා පනත ප්‍රකාරව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත