කොරෝනා අතරේ තවත් මාරාන්තික රෝගයක් මෙරටින් හිස ඔසවයි...අවධානයෙන් සිටින්න.

Covid Sri lanka Maleriya World health organizations
By Aruna Apr 24, 2021 09:06 AM GMT
Report

මෙරට තුළ මැලේරියාව යළි හිස එසවීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ දැනට මැලේරියා බෝවීමක් හෝ ව්‍යාප්තියක් නොමැති වුවද ලෝකයේ මැලේරියා බහුල රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස වැඩිවීමත් රට තුළ මැලේරියා වාහක මදුරුවන් සිටීමත් නිසා එම අවදානම පවතින බවය.

ලෝක මැලේරියා දිනය සෑම වසරකම අප්‍රේල් 25වනදාට යෙදී ඇති අතර ඒ් වෙනුවෙන් නිකුත් කෙරුණු නිවේදනයක ඒ් බව දැක්වේ.

මැලේරියාවෙන් තොර රටක් ලෙස වසර 9ක් සම්පූර්ණ කරමින් ශ්‍ර‍ී ලංකාවට ලෝක මැලේරියා දිනය සමරන අතර 2012 වසරේදී ශ්‍රී ලංකාවෙන් මැලේරියාව තුරන් කරනු ලැබීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ් නිමිත්තෙන් නිකුත් කළ සහතිකය 2016 වසරේදී ශ්‍ර‍ී ලංකාවට ප්‍රදානය කෙරුණි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්,  

[1619253957-meleriya.

Gallery