කාදිනල් හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්..

By Sithumi Nov 13, 2022 03:18 PM GMT
Sithumi

Sithumi

Report

නුදුරේදිම පාස්කු ප්‍රහාරය සැඟවීමට උත්සාහ කරන පුද්ගලයන්ට දිට්ඨ ධම්මවේදනීය කර්මයට මුහුණදීමට සිදුවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසනවා.  

ගනේමුල්ල බොල්ලත ප්‍රදේශයේ අද (13) පැවති වැඩසටහනකට එක්වෙමින් එතුමා ඒ බව සඳහන් කළා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතභාවයට පත් පවුල් 12ක් වෙනුවෙන් ගනේමුල්ල බොල්ලත ප්‍රදේශයේ ඉදිකරන ලද ශාන්ත අන්තෝනි නිවාස ව්‍යාපෘතිය එම පවුල් වෙත භාරදීම අද පෙරවරුවේ සිදුකෙරුණු අතර එහිදි එතුමා මේ අදහස් පළ කළා. 

 එහිදී අදහස් දැක්වූ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, "හිටපු ජනාධිපතිතුමා මට පෞද්ගලිකව පොරෝන්දු වුණා. මේ ගැන විනිවිද පේන නිදහස් පරීක්ෂණයක් කරනවා කියලා.  

ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එතුමා වෙතට ආව දිනයට පහුවෙනිදා  මට කෝල් කරලා අහනවා මම කොහොමද මේවා ඔක්කෝම නිර්දේශ කරන්නේ කියලා. ඒ කියන්නේ එතුමාට කරන්න බැරි නිර්දේශත් ඒකේ තිබුණා. මම කිව්වා ඔබතුමා නෙමෙයි නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ පොලීසියට, උසාවියට භාරදෙන්න. ඒකට එතුමා මොකුත් කිව්වේ නැහැ.  

සිරිසේන ජනපති නේද  ආරක්ෂාව භාරව හිටපු පළවෙනියා ? ඇයි එයා ජනාධිපති මුක්තිය ඉල්ල ඉල්ල හැංගෙන්න හදන්නේ ? මේක පිටුපස්සේ දේශපාලන කුමන්ත්‍රණයක් තියනවා කියන එක පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ සමරි එකේ තියෙනවා. ඒ වගේම පාස්කු කොමිෂන් සභා වාර්තාවෙත්, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙත්  තියෙනවා.  

අපැහැදිලි තැන් ගොඩක් තියෙනවා නමුත් ඒවා විග්‍රහ කරන්න ඒ් අය කිසිම උනන්දුවක් ගන්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවට කනුත් නැහැ. ඇසුත් නැහැ. නහයකුත් නැහැ. මොකුත් කෙරෙන්නේ නැහැ වගේ ඉන්නවා සද්ධ නොකර. බීරි අලි ටිකක්නේ දැන් අන්තිමටම ඇවිත් ඉන්නේ. මහ අලියෙකුයි එයාගේ රැලයි. ඒ අයට වීණා වාදනය කරලා වැඩක් නැහැ. බුද්ධාගමේ තියෙනවා දිට්ඨ ධම්මවේදනීය කර්මය කියලා. ඔබ හිතනවානම් නීතියක් ඔබට ඕනේ විදිහට හරවගෙන මේකෙන් අතහොදගන්න පුළුවන් කියලා ඉදිරියටත් වීරයෝ වගේ පෙනී ඉන්න පුළුවන් කියලා, හිතනවානම් ඔබ වැරදී. ඔබ පස්සෙන් දිට්ඨ ධම්මවේදනීය කර්මය පස්සෙන් එනවා."