මාලදිවයින් ජාතිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් බරපතල වැඩසහිත සිර දඬුවම්

By Sithumi May 08, 2023 04:11 PM GMT
Sithumi

Sithumi

Report

මත් පෙති තොගයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ මාලදිවයින් ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 7 ක සිර දඬුවම් නියම කර තිබෙනවා ඔහු විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් ඔහුට එරෙහිව අදාළ දඬුවම නියම කර ඇති බව සඳහන් වනවා.

  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මත් පෙති තොගයක් සමග 2018 වසරේ දී අදාළ මාලදිවයින් ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබුණා.