මාකුඹුර ප්‍රදේශයේදී ඇමති බන්දුලට ජනතා විරෝධතාවයක් .. (VIDEO)

Bandula Gunawardane
By Sithumi Aug 19, 2022 02:44 PM GMT
Sithumi

Sithumi

Report

බස් ගාස්තු ගෙවීම සඳහා ඩිජිටල් ගෙවීම් පත්‍රිකාවක් හඳුන්වා දීමේ නියාමන ව්‍යාපෘතියක් අද (19) කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරුණා. ඒ ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම නව ඩ්ජිටල් ගෙවීමේ ක්‍රමවේදය හරහා වරින් වර යාවත් කාලීන කෙරෙන ඩිජිටල් බැංකු කාඩ්පතක් හරහා සිය ප්‍රවේශ පත්‍රයට අදාළ මුදල ගෙවීමේ පහසුකම බස් මගීන්ට හිමි වනවා.

කෙසේ වෙතත් අද(19) උදෑසන මේ වැඩ පිළිවෙළේ සමාරම්භක උත්සවය පැවැත්වෙන අතරවාරයේ, බස් මගීන් පිරිසකගෙන් ඇමතිවරයාට හා ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන්ට විරෝධතාවක් එල්ල වුණා. ඒ මෙම උත්සවය සඳහා ඇමතිවරයා පැමිණෙන බව සඳහන් කරමින් බස් රථවල අසුන් ගෙන සිටි මගීන්, ඉන් නැගිටුවා බස් රථවලින් ඉවත් කළ බවට චෝදනා කරමින්. මෙහි දී විරෝධතාව දැක් වූ පිරිස් සඳහන් කළේ, මෙම නිලධාරීන් එලෙස බස් රථවල අසුන් ගෙන සිටි වයෝවෘද මගීන් පවා බිමට බැස්ස වූ බවයි.

සංදර්ශ නො පෙන්වා, අදාළ කටයුත්ත පමණක් සිදු කරන ලෙසත් මෙලෙස විරෝධතාවේ නිරත වූ පිරිස හඬ නැගූ අතර එහි දී පැමිණ සිටි නිලධාරීන් පවසා සිටියේ උත්සව අවස්ථාව පැවැතුණ ද බස් රථය නියමිත වේලාවට පිටත් කර යවන බවයි. කෙසේ වෙතත්, මෙහි දී අමාත්‍යවරයා විසින් එලෙස බස් රථයෙන් බිමට බැස්ස වූ බවට පැවසූ යුවලගෙන් යම් අපහසුතාවක් සිදු වූයේ දැයි විමසා සිටි අතර එහි දී ඔවුන් කියා සිටියේ, එය තමන්ට අපහසුතාවක් නො වූ බවයි. මෙහි දී නැවතත් විරෝධතාවේ නිරත පිරිස් කියා සිටියේ, මෙවැන්නන් සිටින තුරු බලාපොරොත්තු වන සිස්ටම් චේන්ජ් එකක් සිදු නො වන බවයි.



ReeCha