නගරේ මැද විශාල ගින්නක් - නිවන්න දැඩි උත්සාහයක්

Report

රත්නපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ සමාගමකට අයත් ශාඛාවක අද (16) දින පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගින්න මේ වන විට මැඩපැවැත්වීම සඳහා රත්නපුර මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව සඳහන්.

එසේම ගින්න හේතුවෙන් අදාළ ව්‍යාපාරික ස්ථානයට දැඩි දේපළ හානි සිදුව ඇති බවද සඳහන්.

මාරක අනතුරක් - මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි

මාරක අනතුරක් - මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි

පවතින තත්ත්වය හමුවේ ආරක්ෂක හේතූන් මත රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, එම මාර්ගයේ මේ වන විට වාහන තදබදයක් ද නිර්මාණය වී තිබේ.

කෙසේ වෙතත් මෙම ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බව සඳහන්.

මහනුවර දිස්ත්‍රික්කය ගැන භයානක හෙළිදරව්වක්

මහනුවර දිස්ත්‍රික්කය ගැන භයානක හෙළිදරව්වක්

බිළිදාගේ පෙකණි වැල කියලා ඇගිල්ල කපලා - මොන අපරාධයක්ද

බිළිදාගේ පෙකණි වැල කියලා ඇගිල්ල කපලා - මොන අපරාධයක්ද